ෆේස්බුක් සාදයක් වටලා 34 ක් අත්අඩංගුවට

facebook party

පානදුර, හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා පුද්ගලයන් 34 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර උතුර පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර තරුණියන්  9 දෙනෙකුද සිටින බවයි.  එම වැටලිමේදී සැකකරුවන් සන්තකව තිබූ ගංජා, කුෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැන්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් පිරිසක්  පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටත් අනෙක් සැකකරුවන් මව්පියන් ගෙන්වා පොලිස් ඇපමත මුදාහැරීමටත් කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top