අබාධිත ට්විටර් සේවකයෙකු රැකියාවෙන් නෙරපීම ගැන මස්ක් (Elon Musk) සමාව ඉල්ලයි…

elon musk apologizes to employee

ට්විටර් ඉන්කෝපරේෂන් සමාගමේ සේවකයෙකු ලෙස කටයුතු කළ හාරාල්දුර් තොර්ලෙයිෆස්සන් නමැත්තෙකු රැකියාවෙන් ඉවත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බව ට්විටර්හි ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් පවසයි. අදාළ සේවකයා හා සිදුකළ ට්විටර් සංවාදයකින් අනතුරුව, තමන් සියල්ල තේරුම් ගත් බවත්, ඇති වූ වැරදි වැටහීමක් නිසා තමන් ගත් තීරණය සම්බන්ධයෙන් ඔහුගෙන් සමාව ඉල්ලත බවත් මස්ක් මෙහිදී පවසා ඇත. හාරාල්දුර්, ට්විටර් සමාගම හා සම්බන්ධව සිය නිවසේ සිට රැකියාව සිදු කරන අයෙකි. පසුගිය ඉරිදා දිනයේදී සිය පරිගණකය විවෘත කරද්දී, ටිච්ටර් සමාගම මගින් ඊට ලබාදී තිබූ සම්බන්ධතාව අත්හිටුවා ඇති බව දැනගන්නට ලැබුණු බව ඔහු පවසයි.

පසුව සිදුකළ විමසීමකදී මස්ක්ගේ තීරණය යටතේ රැකියාවෙන් ඉවත් කළ සේවකයන් 200දෙනෙකු අතර තමාද සිටි බව ඔහුට තේරුම් ගොස් තිබේ.

මෙම තීරණයට පිළිතුරු විමසමින් ට්විටර් සමාගම හා සම්බන්ධ වී ඇති ඔහු ඊට ප්‍රතිචාර නොලැබීම නිසා එලෝන් මස්ක් වෙත ට්විටර් පණිවුඩයක් තැබීමට තීරණය කර ඇත. ඒ අනුව, දෙදෙනා අතර ට්විටර් පණිවුඩ හුවමාරුවක් සිදුව ඇති අතර, මස්ක් එහිදී හාරාල්දුර් ට්විටර් සමාගමට සිදුකරන සේවය කුමක් දැයි විමසා තිබේ. එහෙත් විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට 45 හැවිරිදි හාරාල්දුර් යනු ට්විටර් සමාගම යටතේ ඇති බ්ලොග් අඩවියක ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන්නෙකි.

අයිස්ලන්ත ජාතිකයෙකු වන ඔහු Ueno නමින් නිර්මාණ ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, 2021 දී එය ට්විටර් සමාගම වෙත අලෙවි කර තිබේ. අනතුරුව ඔහු එහි බ්ලොග් වේදිකාවක පූර්ණ කාලීන සේවකයෙකු ලෙස එක් වී තිබේ. එසේම ඔහු මේ වනවිට සිය මාංශපේශි දියවීමේ රෝගයකින් පෙළෙන අයෙකු බවත්, රෝද පුටුවකට වී කල්ගත කරන්නෙකු බවත් අනාවරණය වී තිබේ. එහෙත් 2022 වසරේදී ට්විටර් සමාගම මිලදී ගත් මස්ක් මෙම කරුණු කිසිවක් නොදැන සිටි බව සඳහන් වෙයි. ඒ අනුව, තමන් අතින් සිදු වූ වැරැද්දට සමාව ඉල්ලන බව මස්ක් සිය ට්විටර් ගිණුම හරහා සඳහන් කර තිබේ.

10
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top