අතවර චෝදනා ලද කුරුණෑගල විහාරාධිපති දැරියගේ පියාගේ මල්පෝච්චි පහරින් මරුට

viharadipathi maruta

කුරුණෑගල හෙට්ටිපොල අංගමුව මගුලාගම ශ්‍රී සුගතාරාම විහාරස්ථානාධිපති එළුවාපොල වංගීරථන (70) හිමියන් ඊයේ (28) ඝාතනයට ලක්ව ඇතැයි වාර්තාවී තිබේ.
 පුද්ගලයෙකු විසින් ඊයේ සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනයට මුල්වී ඇත්තේ වයස අවුරුදු 08ක දැරියකට අතවර කිරීමට අදාළව මෙම විහාරාධිපති හිමියන් චෝදනාවන්ට ලක්ව තිබුණ පසුබිමකය.
විහාරාධිපතිහිමිට පහරදී ඝාතනය සිදු කර ඇත්තේ එම අතවරයට පත්වූ බව කියන දැරියගේ පියා බවට හඳුනාගෙන ඇත.
දැරිය කාලයක් තිස්සේ මෙම භික්ෂුව අතින් අතවරයට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධ පැමිණිල්ලක් විභාග වෙමින් පැවති බවත් පැවසිණි.

සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර
 මාස 2ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බව හෙළිව තිබුණි. මෙම චෝදනා මත හිමි නම අත්අඩංගුවට ගන්නට සොයමින් සිටියදී පලාගොස් සැඟවී වාසය කරමින් සිට ඇත.

ඊයේ (28) සවස විහාරස්ථානයට පැමිණි එකී  දැරිය හා ඇගේ මව මිදුල ඇමදීමට ගිය අවස්ථාවේදී හිමිනම එක්වරම පන්සලෙන් මතුව ඇති අතර දැරිය තනිවන වේලාවක් බලා එතැනට ගොස් දැරියගේ මුහුණ සිප ගන්නට උත්සාහ කර තිබේ.
දැරියගේ මවට සිද්ධිය සැලවී දැරියගේ පියාට එම සිදුවීම දුරකථනයෙන් දැනුම්දීමෙන් අනතුරුව පියා පැමිණ ආවේගාත්මක ලෙස හිමිනමට පහර දී ඇතැයි වාර්තා විය.
මල්පෝච්චි හා පොලුවලින් පහර කෑමට ලක්වී බරපතල තුවාල ලැබූ හිමිනම ගිලන් රථයකින් කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව  කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර පසුව ඊයේ රාත්‍රී රෝහලේ ප්‍රතිකාර ලබන අතර තුර ජීවිතක්ෂයට පත්විය.
පහරදීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය විමර්ශන සිදු කරයි.

4
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top