මෙරට පවුල් ඒකකවලින් 58%ක් ණයට ආහාර ගන්නා බවට ලෝක ආහාර වැඩසටහනින් හෙළිදරව්වක්…

daridrathawaya

ආහාර අර්බුදය හේතුවෙන් අපේ රටේ ආහාර ගැටලුවක් නිර්මාණය වෙමින් ඇතැයි ලෝක ආහාර වැඩසටහන හෙළි කර තිබේ. 

එම වැඩසටහන පවසන්නේ, සැලකිය යුතු පවුල් ප්‍රමාණයක් තමන්ගේ ආහාර වේල් පාලනයට යොමු වී ඇති බවයි.

ලෝක ආහාර වැඩසටහන දෙසැම්බර් මාසයේ සිදු කළ අධ්‍යනයට අනුව හෙළිව ඇත්තේ මෙරට පවුල් ඒකකවලින් 33% ක් ආහාර අනාරක්ෂිත බවයි.

2019 දී රටේ ආහාර අනාරක්ෂිත මට්ටම 9.1%ක් වූ අතර පසුගිය මාස 4 තුළ දත්ත අනුව ආහාර සුරක්ෂිතතා මට්ටම් 30% ඉක්මවා තිබේ. 

ලෝක ආහාර වැඩසටහන පවසන්නේ තොග වෙළෙඳුන්ට අනුව ආහාර තොග දේශීය වෙළෙඳපොළට මුදා හැරීම හේතුවෙන් ප්‍රධාන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ බැස ඇති බවයි.

ආහාර මත පදනම් වූ සහ ජීවනෝපාය පදනම් කරගත් ක්‍රමෝපායන් වෙත යොමු වන කුටුම්භයන් රට පුරා දිගින් දිගටම වාර්තා වන බව ලෝක ආහාර වැඩසටහන පවසයි. 

එම වැඩසටහන පෙන්වා දෙන්නේ, ආර්ථීක අර්බුදය හේතුවෙන් කුටුම්භ දහයෙන් හතකට ආසන්න ප්‍රමාණයක් (68%) ආහාර මත පදනම් වූ ක්‍රමෝපායන් අනුගමනය කරන අතර බහුතරයක් කුටුම්භයන් අඩු ප්‍රියමනාප ආහාර පරිභෝජනය කරන බවයි.

කුටුම්භවලින් 58% ක් ණය මත ආහාර මිලදී ගන්නා තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද අදාළ වාර්තාවේ සඳහන් ය.

ලෝක ආහාර වැඩසටහන ද අනතුරු අඟවන්නේ ප්‍රමාණවත් ආහාර පරිභෝජනය අඩු මට්ටමක පවතින බවත් ශ්‍රී ලංකාවේ පවුල් ඒකකවලින් 30% ක් අප්‍රමාණවත් ආහාර පරිභෝජනයට මුහුණ දෙන බවත් 43% සීමිත ආහාර පරිභෝජනයට යොමුවී ඇති බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top