සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් පුංචි නබිල්ගේ සැබෑ වූ සිහිනය | සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ

Cristiano Ronaldo affected by Turkey Syria earthquake

සිරියාවේ භූ කම්පනයෙන් දිවි ගලවාගත් 10 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිහිනයක් සැබෑ කරදීමට සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්ව තිබේ.

ඒ එම දරුවා විසින් මුදාගැනීමේ කණ්ඩායම්වලින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

මුදාගැනීමේ කණ්ඩායම්වලින් එම දරුවා කළ ඉල්ලීම පසුගිය දා සමාජ මාධ්‍යවලද සංසරණය වී තිබුණි.

කෙසේවෙතත් පුංචි නබිල් සයීඩ්ගේ එම අහිංසක බලාපොරොත්තුව ඉටුකරමින් ඔහුට ආරාධනයක් ලැබෙන්නේ, සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහභාගී වෙන තරගයක් නැරඹීම සඳහාය.

ඒ අනුව පසුගිය සිකුරාදා එහි යන නබිල් සයීඩ් ට රොනාල්ඩෝ සමග සුහද කතා බහකට අවස්ථාව හිමිවේ.

ඉතා ආදරණීය හමුවීමකට මඟ පෑදු එම හෝරාවෙන් පසුව පැවති තරගයෙන් රොනාල්ඩෝ ඇතුළු කණ්ඩායම තුනට එකක ජයක් ලබාගැනීමට ද සමත්වුණි.

කෙසේවෙතත් තම සිහිනය සැබෑවීම පිළිබඳ අදහස් දක්වමින් නබිල් සයීඩ් පවසා ඇත්තේ, “මට හිතුනේ ඒක හීනයක් කියලා. එය සිහිනයක් නොවේවායි මම දෙවියන් වහන්සේට ප්‍රාර්ථනා කරමි” යනුවෙනි.

1 ronaldo meets young fan grab 1
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top