දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා..

දෙඅත් ගැටගසා තම 19 හැවිරිදි දියණිය සිහිසුන් වනතුරු දූෂණයට ලක්කළ නරුම පියා..

අත් දෙක ගැට ගසා සිහිසුන් වන තුරු මුහුණට හා හිසට, පහරදී, මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත තම 19 හැවිරිදි දියණිය බරපතළ ලෙස දූෂණයට ලක් කළ 40 හැවිරිදි පියෙකු පෙරේදා (10දා) අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.

වින්දිත දැරිය මව, පියා සහ සහෝදරයන් දෙදෙනා සමග නිවසේ ජීවත්ව සිටින අතර මව අසනීප තත්ත්වයෙන් පසු වූ සහෝදරයන් දෙදෙනාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නිවසින් පිටව ගිය අවස්ථාවේ නිවසේ සිටි පියා විසින් තම දැරියට මෙම අපරාධය සිදු කර ඇති බවත් පොලිසිය කියයි.

තමන් පාඩම් කරමින් සිටියදී පියා විසින් හිසරදය හේතුවෙන් ඔළුවේ තෙල් ගෑමට අඬ ගසා එම කාමරයට ගිය පසු එක්වරම තම මුහුණ සිඹීම හේතුවෙන් එයට අකැමැති වූ පසු තම අත් දෙක ගැට ගසා හිසට සහ මුහුණට පහර දුන් බවත් පසුව තමන් සිහිසුන් ව සිට ඇති බව දැරිය සිදු කළ ප්‍රකාශවල සටහන් ඇති බව පොලිසිය කියයි.

දැරිය බිය ගන්වා වරින් වර අවස්ථා කීපයකදී සැකකාර පියා විසින් මෙම දැරිය දූෂණයට ලක් කර ඇති අතර පසුව සිද්ධිය සම්බන්ධයෙන් දැරිය මවට පැවසූ අවස්ථාවේදී මව විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

වින්දිත දැරිය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීම සඳහා මෙම දැරිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය එච්. කේ. කරුණාතිලක මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න වැලිකල මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top