ඉන්දියාවේ අතිතය සිහියට ගෙනා චීනයේ වත්මන් තත්ත්වය – කොවිඩ් ආසාදිත මල සිරුරූ මහ මග පුළුස්සයි…

covid china bodies


සීඝ්‍ර කොවිඩ් -19 ව්‍යාප්තිය මධ්‍යයේ චීනයේ ඇතැම් පුද්ගලයින් වෛරසය ආසාදිතව මිය ගිය තම පවුලේ සාමාජිකයින්ගේ සිරුරු වීදිවල පුළුස්සා දැමීමට පටන් ගෙන ඇති බව වාර්තා වනවා.

වසර තුනක දැඩි සීමා කිරීම්වලින් පසු චීනය සිය ‘ශුන්‍ය-කොවිඩ්’ ප්‍රතිපත්තිය පසුගිය මාසයේ ඉවත් කරන ලද අතර එමඟින් රට තුළ වෛරස ව්‍යාප්තිය සීඝ්‍ර තත්ත්වයකට පත් විය.

ඉදිරි මාසවලදී චීනය තුල මිලියන 2.1කට ආසන්න පුද්ගලයින් ප්‍රමාණයක් වෛරසය ආසාදනයෙන් මිය යනු ඇති බවට ජාත්‍යන්තර සෞඛ්‍ය විශේෂඥයින් මේ වන විට පුරෝකථනය කර ඇත.

මේ අතර චීනයේ අවමංගල්‍ය ශාලා හිමියන් සහ රෝහල් පවසන්නේ වත්මන් තත්ත්වය හමුවේ තමන්ට කොවිඩ් ආසාදිත මළ සිරුරූ පාලනය කර ගැනීමට නොහැකි මට්ටමක පවතින බවයි. තත්ත්වය එසේ තිබියදීත්, චීන බලධාරීන් සඳහන් කර සිටින්නේ වෛරසය ආසාදනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 5,000ක් පමණක් බවයි.

ආදාහනාගාර සඳහා පවතින ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මල සිරුරූ  ආදාහන කටයුතු සඳහා අය කරනු ලබන මුදල ද ඉහළ නංවා ඇති බැවින් එම වියදම් දැරීමට නොහැකි ඇතැම් පවුල් සිය මියගිය ඥාතීන්ගේ අවසන් කටයුතු තම අතින්ම සිදුකරන තත්ත්වයට පත්ව ඇති බවයි එරටින් ලැබෙන වාර්තා පෙන්වා දෙන්නේ.

චීනය තුල ඇති සමාජ ජාලා තුල හුවමාරු වන වීඩියෝ දර්ශනවල තාවකාලික ආදාහන කටයුතු පෙන්නුම් කරන වීඩියෝ හුවමාරු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

චීනයේ ඇතැම් නාගරික ස්ථාන වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මෙලෙස තාවකාලික ආදාහනාගාර ඉදිකරමින් කොවිඩ් ආසාදිත මල සිරුරූ ආදාහනය කරන අයුරු එම විදියෝවල පැහැදිලිව දක්නට ලැබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

චීනයේ ෂැංහයි හි කොවිඩ් රෝගීන් ඉහළ ගොස් ඇති අතර නගරයේ මිලියන 25 ක ජනගහනයෙන් සියයට 70 ක් වෛරසය ආසාදනය වී ඇති බවට ගණන් බලා ඇත.

චීනයේ බීජිං අගනුවර අවමංගල්‍ය සේවා සපයන ස්ථානයක් සමග විදෙස් මාධ්‍ය ආයතනයක් සිදුකළ සම්මුඛ සාකච්ජාවකදී එහි සේවකයෙකු සඳහන් කර  ඔවුන්ට යුවාන් 68,000ක වියදමකින් මල සිරුරක  ආදාහනය දින තුනකින් සංවිධානය කළ හැකි බවයි. එමෙන්ම එක් දිනක් තුල මල සිරුරක් ආදාහනය සිදුකිරීමට නම් අය කරනු ලබන මුදල යුවාන් 88,000ක් බවට ප්‍රකාශ කර ඇත. 

එමෙන්ම මෘත ශරීරාගාර, අවමංගල්‍ය සේවා සපයන ස්ථාන තුල මෙන්ම ආදාහනාගාර ආශ්‍රිතව කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල මල සිරුරූ ගොඩ ගැසී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

එක් විදෙස් මාධ්‍ය ආයතනයක් සඳහන් කළේ චීනයේ පවතින වත්මන් තත්ත්වය 2021 වසරේ දී ඩෙල්ටා ප්‍රභේදය රට පුරා පැතිර ගොස් දස දහස් ගණනක් පුද්ගල ජිවිත අහිමිවූ ඉන්දියාව පත්ව සිටි තත්ත්වයට සමාන වන බවයි.

c 2
c 1
c 3
c 6

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top