ජපානයේ කනගාවා ප්‍රාන්තයේ පරිපාලන වැඩ ChatGPT කෘත්‍රීම බුද්ධි යෙදවුම් මගින්…

chatgpt japan

Open AI’s Chatbot (ChatGPT) දියත් කර මාස 5ක් ඇතුළත වැඩිපුරම කතා බහට ලක්ව ඇත. ජපන් රජය ආණ්ඩුව ගෙනියන්නත් මෙය පාවිච්චි කර තිබේ.  ජපානයේ කනගාවා ප්‍රාන්තයේ යොකොසුකා නගරය පරිපාලන කටයුතු සඳහා ChatGPT භාවිතා කිරීම ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

මෙම නිවේදනය නාගරික රජයේ වෙබ් අඩවියේ පළ කර ඇත. ඒ සමඟම වාක්‍ය කෙටි කිරීමට, අක්ෂර වින්‍යාස වැරදි නිවැරදි කිරීමට සහ අදහස් ලිවීමට සියලුම සේවකයින්ට මෙම චැට්බෝට් භාවිතා කළ හැකි බවට උපදෙස් ලබා දී ඇත. නගරයේ ජනගහන අඩුවීමේ තර්ජනය හේතුවෙන් රජයේ කටයුතුවල කාර්යක්‍ෂමතාවය ගෙන ඒම සඳහා මෙම තීරණය ගෙන ඇත.

Yokosuka City හි ජනගහනය 376,171 ක් වන අතර ජනගහන අඩුවීමක් ද ඒ නිසා ඇතැම් රැකියා සදහා සේවක හිගයක්ද අත්විඳිමින් සිටී. ජපානයේ ChatGPT සම්බන්ධයෙන්, කාර්යයන් වඩාත් ප්‍රයෝජනවත් කිරීමට සහ කාර්ය මණ්ඩලයේ වැඩ කෙරෙහි අවධානය යොමු කිරීමට එය මේ ආකාර ප්‍රයෝජනවත් ලෙස යොදා ඇති බව පැවසේ. එමෙන්ම පුරවැසියන්ගේ සතුට සඳහා නව ප්‍රවේශයක් ද ලබා දිය හැකිය.

කෙසේ වෙතත් මෙහි අනෙක් පැත්තද ලෝකයේ සිදුවෙමින් පවතී.
JP Morgan වැනි විශාල සමාගම් සේවකයින්ගේ භාවිතය හේතුවෙන් ChatGTP භාවිතය තහනම් කර ඇති බව වාර්තා විය. ඒ අතරම, තාක්ෂණික සමාගම් ChatGPT හි වැරදි හැසිරීම් සහ හානිකර අන්තර්ගතයන් සැපයීම ගැන කතා කර ඇත. නමුත් එය ධනාත්මක ආකාරයකින් භාවිතා කිරීමට උනන්දුවන්නන්ගේ අඩුවක් නැත.
ChatGPT මගින් කලින් දත්ත කවා වැඩසටහන් අනුක්‍රම සැකසුම් කළ ක්‍රමයකට වැඩ පැවරීමේ පහසුව පවතින අතර මේ හේතුවෙන් මේ දක්වා පුද්ගලයෙකු යොදවා කරන ලද කාර්යය පරිගණක වැඩසටහනක් ඇසුරින් සිදු කරන්නට අවස්ථාව සැලසී ඇත.
කෙසේ වෙතත් තවම සංවර්ධන මට්ටමේ පවතින මෙම වැඩසටහන් ක්‍රම වෙත රහස්‍ය හෝ පුද්ගලික තොරතුරු ඇතුළත් නොකරන ලෙස සේවකයන්ට අවවාද කර තිබේ.

maxresdefault
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top