අද හෙටම ගංජා ( Cannabis )  සඳහා අනුමැතිය?

Canabis

අපනයනය සහ ඖෂධීය අවශ්‍යතා සඳහා ගංජා Cannabis වගාව නීතිගත කිරීමට අදාළ විශේෂ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනෙට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සඳහා දැනට කැබිනෙට් මණ්ඩලය විසින් නිරීක්ෂණ කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව නීති කෙටුම්පත් සම්පාදකවරයා විසින් ඊට අදාළ පනත් සකස් කිරීමට නියමිතව ඇති.

මේ සඳහා කැබිනට් අනුමැති ලැබීමෙන් අනතුරුව ලද පසු ඉක්මණින් පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කරනු ඇති බවයි ආණ්ඩුවේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ගංජා අපනයනයට සහ ඖෂධයක් ලේ මහා පරිමාණ මට්ටමින් වගා කිරීම සඳහා ආයුර්වේද ඖෂධ සංස්ථාව මඟින් සුදුසු අයදුම්කරුවන් තෝරා වාර්ෂික බලපත්‍ර ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව මඟින් යෝජනා කර තිබෙනවා.

එය බලපත්‍රලාභීන්ට පමණක් ලැබෙන අවසරය මත ගංජා වගාව ආරම්භ කළ හැකි වනවා.

කාලයක සිට ගංජා නීතිගත කළ යුතු යන යෝජනාව කලක පටන් වාද විවාදවලට ලක්වූ අතර මේ සම්බන්ධයෙන් ප්‍රබල හඬක් නැගුවේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top