හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී රථ දෙකේ අයිතිය ඉල්ලයි | වත්මන් අටමස්ථානාධිපති නාහිමිට විරෝධතා ගොනු කරන ලෙස නියෝග…

hitapu atamasthanadipathi

හිටපු අටමස්ථානාධිපති නාහිමියන් පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක අයිතිය ඉල්ලා ව්‍යාපාරිකයෙකු පවරා ඇති නඩුවට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වත්මන් අටමස්ථානාධිපති නාහිමි ඇතුළු තෙනමකට සහ අටමස්ථාන කාරක සභාවට අධිකරණයෙන් නියෝග කර තිබේ.

අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ රුපියල් කෝටි 10ක් පමණ වටිනා අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නිත්‍යානූකූල අයිතිය තමන්ට පවරාදෙන ලෙස ඉල්ලා ව්‍යාපාරිකයෙකු අධිකරණය හමුවේ එම නඩුව පවරා තිබුණි.

එම නඩුවට අදාළ විරෝධතා ඇත්නම් ලබන මාර්තු මස 15වන දින හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහෙස්ත්‍රාත් නදීකා ඩී පියරත්න එලෙස අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති නාහිමියන් ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝග කළාය.

නඩුව සම්බන්ධයෙන් යම් සමථයක් ඇත්නම් එදිනට අධිකරණයට දැනුම්දෙන ලෙසටද විනිසුරුවරිය  පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ට තවදුරටත් නියෝග කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top