ඇපල් සමාගමෙන් අනතුරු ඇඟවීමක්. ඔබේ Divices ගැන අවධානයෙන් ඉන්න.

apple company

ඇපල් සමාගම විසින් මිලියන ගණනක් වන සිය පරිශීලකයන්ට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ, පුද්ගලික දත්ත සොරාගැනීමේ අවධානමක් ඇති බව අඟවමින්.

 Apple Watch, iPhone, iPad සහ Apple TV යන නිෂ්පාදන සඳහා එය අදාළ වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ.

මෙම තත්වයෙන් බේරීමට වහා තමන්ට අදාළ ඇපල් නිෂ්පාදනයට නියමිත මෘදුකාංග යාවත්කාලීන කර ගැනීම සිදුකරන ලෙස එම සමාගම පාරිභෝගිකයන්ට උපදෙස් දී තිබෙනවා.

එක් එක් ඇපල් නිෂ්පාදනය වෙනුවෙන් මෙම සතිය තුළදී යාවත්කාලීන කිරීම් මාලාවක් ඔවුන් ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top