සංචාරක වීසා වලින් ඇමෙරිකා ගිහින් රැකියා කරන්න මෙන්න අවස්ථාවක්…

usa jobs

ඇමෙරිකා එක්සත් ජනපදයට සංචාරක සහ ව්‍යාපාරික වීසා මත පැමිණෙන පුද්ගලයන්ට රැකියා සඳහා අයැදුම් කිරීමටත් රැකියා සඳහා සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටීමටත් අවස්ථාවක් ලැබී තිබෙනවා.

නමුත්පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය ප්‍රකාශ කර ඇත්තේ, රැකියාව සඳහා තෝරාගනු ලැබුවහොත් නව භූමිකාව ආරම්භ කිරීමට පෙර වීසා තත්ත්වය වෙනස් කර ගත යුතු බවයි.

සංක්‍රමණික නොවන සේවකයන් රැකියාවෙන් ඉවත් කළ විට දින 60 ක් ඇතුළත ඇමෙරිකාවේ පිටව යෑම හැර වෙනත් විකල්පයක් නැතැයි බොහෝ දෙනා වැරදි වැටහීමක් සිටියත් එය එසේ නොවන බව ෆෙඩරල් ආයතනය පෙන්වා දෙනවා.

එමෙන්ම සංක්‍රමණික නොවන සේවකයෙකු ස්වකැමැත්තෙන් හෝ රැකියාව කරනු ලබන සමාගමෙන් රැකියාවෙන් ඉවත් කරනු ලැබුවහොත් පහත සඳහන් ක්‍රියාමාර්ග ගැනීමට සුදුසුකම් සපුරන අයදුම්කරුවන්ට අවස්ථාවක් තිබෙන බව ෆෙඩරල් ආයතනය පවසනවා.

ඒ, අනුව සංක්‍රමණ නොවන තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම්පතක් ගොනු කිරීමට, වීසා තත්ත්වය වෙනස් කිරීම සඳහා අයදුම්පතක් ගොනු කිරීමට, විශේෂ අවස්ථාවක් යටතේ රැකියාවක නියුතු වීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් අයැදුම් පතක් ගොනු කිරීමට සහ සේවායෝජකයා වෙනස් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් පෙත්සමක් ගොනු කිරීමට සේවයෙන් ඉවත්වන හෝ ඉවත්කරනු ලබන සංක්‍රමණික නොවන සුදුසුකම් සපුරන සේවකයන්ට අවස්ථාවක් තිබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

සේවයෙන් ඉවත්වන හෝ ඉවත්කරනු ලබන සංක්‍රමණික නොවන සේවකයන් ඔවුන්ට ලැබෙන දින 60 ක සමා කාලය තුළ ඉහත ක්‍රියා මාර්ග හතරෙන් එකක් ගනු ලැබුවහොත් ඔවුනට දින 60 කට වැඩ වැඩි කාලයක් එක්සත් ජනපදයේ රැඳී සිටීමට හැකියාව ලැබෙන බවද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම සංක්‍රමණික නොවන සේවකයන් ඉහත ක්‍රියාමාර්ග හතරෙන් එකක්වත් ගනු නොලැබුවහොත් දින 60 ක සමා කාලය තුළ එම සේවකයන් සහ යැපෙන්නන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පිටව යා යුතු බවද පුරවැසිභාවය සහ ආගමන සේවා පිළිබඳ ෆෙඩරල් ආයතනය සඳහන් කර ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top