මරණ 8කින් කෙළවර වූ දික්කසාද නඩුව

american crime

පුද්ගලයෙකු විසින් සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අදාළ සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවෙනි.

අමෙරිකාවේ Enoch City ප්‍රදේශයෙන් මෙම සංවේදී පුවත වාර්තා වී තිබේ.

මෙම අමානුෂික ඝාතනයට හේතුව ඔහුගේ 40 හැවිරිදි වියේ පසුවන බිරිඳ විසින් ගොනුකළ දික්කසාද නඩුවක් බවටද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මෙහිදී සිය පවුලේ සාමාජිකයින් 7 දෙනෙකු ඝාතනය කළ පසුව 42 හැවිරිදි වියේ පසුවන ඔහුද එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන තිබේ.

අදාළ සැකකරු කාන්තාව සහ දරුවන් පස් දෙනෙකුට මෙහිදී වෙඩි තබා ඝාතනය කර ඇත.

එසේම මියගිය දරුවන් වයස අවුරුදු 4ත් 17ත් අතර වයස් පසුවන බවද අනාවරණය වී තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පිරිස අතර ඔහුගේ බිරිඳගේ මවද වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඇයගේ වයස අවුරුදු 78කි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top