පිටසක්වල ජීවය පුරාතනයේ සිට පැවතුනාද…? Do Aliens Exist…?

alien our history

පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. මිනිස් ඇසට දකින්න පුලුවන් 430-770Thz අතර පමණි. මිනිස් කනට අහන්න පුලුවන් 20Hz-20Khz අතර ශබ්දයන් වේ. අපිට පේන්නෙ නැති ඇහෙන්නෙ නැති කොච්චර දේවල් ඇතිද. අපි විශ්වයේ එක තැනක් ගත්තොත් එතන අපිට පේන්න තියෙන දේට වඩා දෙයක් තියෙන්න පුලුවන් මිනිස් ඇසට නොපෙනෙන. නිකමට හිතන්නකෝ අපිට පේන්නෙ නැති දියුණු පිටසක්වල ජීවින් කොටසක් අපිට ඇහෙන්නෙ නැති විදියට සන්නිවේදනය කරගෙන අපි අතරම ජීවත් වෙනවනම් එහෙම…

එහෙමනම් මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.

පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා..

ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බයිබල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා.

එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන්ඨ වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද..?

ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක් ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ..

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්..

මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි..

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය

පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි..

එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?

දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?

කඩාවැටුනු යානාවලින් ලැබුණු පිටසක්වල තාක්ශණය කෝ….?

1947සිට අදවන තෙක් පිටසක්වල යානා ගණනාවක් කඩාවැටුනු බවත්, එම යානාවලින් තාක්ශණය බටහිර රටවල්, විශේෂයෙන්ම අමෙරිකාවට ලැබුණු බවත් එමගින් අමෙරිකාවේ තාක්ශණික නිම්වළලු පුළුල් පුලුල්වුනු බවත්, දෙවන ලෝක යුද්ධයෙන් පසු අමෙරිකාව ලෝක් තාක්ශණ බලවතා වීමට මෙම තාක්ශණය ඉවහල් වුනු බවත් පැවසෙනවා.

එහෙත් මෙම කල්පිතයේ ගැටලු කිහිපයක් සංශයවාදීන් (skeptics) විසින් පෙන්වා දෙනවා…

මෙයින් බොහෝ දෙනෙකු පිලිගන්නා ගැටළුව නම්…වසර 60කට අධික කාලයක් මෙම යානාවලින් උකහාත් තාක්ශණයෙන් අමෙරිකානු තාක්ශණ පරිචය පුළුල් වූවානම් තවමත් එම තාක්ශණය මුඛයධාරාවේ (mainstream) තාක්ශණික සමාගම්වලට ලැබෙන ආකාරය හෙලිවී නැත්තේ ඇයි? යන ගැටළුවයි.

මෙම ලිපියේ අරමුණ පිටසක්වල යාන පෘථිවියට පැමිණීම හා කඩාවැටුනු එම යානා අමෙරිකාව සතුවීම, එම යානාවල තාක්ශණය ප්‍රති-ඉන්ජිනේරුකරණය (reverse engineered) කිරීම මගින් අමෙරිකානු තාක්ශණය දැවැන්ත ඉදිරි පියවර තැබීමට සමත්වීම පිලිබඳව පැතිරී තිබෙන තර්ක ප්‍රතික්ශේප කිරීමට සංශයවාදීන් විසින් ඉදිරිපත් කරන ඉහත ගැටලුවලට ලේඛකයා පරිශීලණය කරණලද පොත්පත් සඟරා හා අන්තර්ජාල ලිපි ඇසුරින් උකහාගත් තොරතුරු මත පිලිතුරු සැපැයිමයි. එහෙත් මෙම පිලිතුරු හුදෙක් කල්පිත පමණක් බව පාඨකයන් සිහිතබාගත යුතුයි.

එක්සත් ජනපද යුධ හමුදාවේ “Z හමුදාඅංශය” (Z Division of the US Army)

කාඩාවැටුනු පිටසක්වල යානා තාක්ශණය පිලිබඳ අමෙරිකානු පරිච්ඡේදය ආරම්භ වන්නේ එක්සත් ජනපද හමුදාවේ රහසිගත ඩිවිශණයක් වූ Z හමුදාංශයෙනි. Z ඩිවිශනය යනු අමෙරිකානු රජය මගින් දෙවන ලෝක යුධ සමයේ ආරම්භකොට තිබුණු පරමාණු බෝම්බයක් නිපදවීමේ මෑන්හැටන් ව්‍යාපෘතිය අධීක්ශණය හා සම්බන්ධීකරණය කල හමුදාංශයයි.

Z ඩිවිශණයේ ආරම්භක මූලස්ථානය වූයේ නිව් මෙක්සිකෝවේ රොස්වෙල් යුධහමුදා ගුවන් කඳවුරයි (Roswell Army Air Field). මේ රොස්වෙල් ප්‍රදේශය සුප්‍රකට රොස්වෙල් පිටසක්වල යානය කඩාවැටුනු රොස්වෙල් ප්‍රදේශයම වෙතත් Z ඩිවිශනය රොස්වෙල්හි ආරම්භවීමට හේතුවූවේ රොස්වෙල් පිටසක්වල යානය නොව අමෙරිකාවේ පරමාණු බෝම්බ ගෙනයා හැකිලෙස අනුවර්තය කොට තිබුණු බෝම්බ ප්‍රහාරක යානාවල මව් කඳවුර රොස්වෙල්හි යුධහමුදාගුවන් කඳවුර වීමයි. මේ කාලය වනවිට අමෙරිකානු ගුවන් හමුදාව ස්ථාපිත කොට නොතිබූ අතර “US Army Air Force” ලෙස හැඳිවූ එය අමෙරිකානු යුධහමුදාවේ අංශයක් ලෙස පැවතින.

පර්මාණු බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සමත් ගුවන්යානා හා පුහුණු තාක්ශණික ශිල්පීන් ස්ථානගත කොට තිබූ රොස්වෙල්හි පරමාණු බෝම්බයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධීකරණ කාර්යාංශය පිහිටුවා තිබුණු. අහම්බයක් ලෙස පිටසක්වල යානාවක් රොස්වෙල් වලට කඩාවැටීමත්, එය අතිශය රහසිගත ලෙස සැළකීමට අමෙරිකානු දේශපාලන හා හමුදා නායකත්ව තීරණය කිරීමෙන් අනතුරව එම යානාවේ සුන්බුන් ආරක්ශිතව තබාගැනීම, අතිශය රහසිගත ලෙස පරමාණු අවි නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කිරීම සඳහා සියලු රහස් ක්‍රමෝපායන් අනුගමණය කරමින් පිහිටුවා තිබුණු Z ඩිවිශණයට පැවරුණු බව පැවසේ.

Bell Laboratories & Z Division

සුප්‍රකට බෙල් පර්යේශණාගාරය ගැන ඔබ සමහරවිට අසා ඇති. එසේ නැති ඔබට බෙල් පර්යේශණාගාරය යනු ට්‍රාන්සිස්ටරය, ලේසර් කිරණ, ඩිජිටල් කැමරාවල හදවත වන ආලෝක සෙන්සරයේ ප්‍රාරම්භක “Charged Coupled Device – CCD” තාක්ශණය, C හා C++ පරිගණක භාශා, UNIX මෙහෙයුම් පද්ධතිය වැනි අතිශය වැදගත් නිර්මාණ සිදුකල අමෙරිකානු තාක්ශණික විප්ලවයේ ප්‍රමුඛතම තිඹිරිගෙය බව දැනගැනීම වැදගත්ය.

දෙවන ලෝක යුද්ධය අවසානය දුටු 1947 වසරේදී, එවක අමෙරිකානු ජනාධිපතිවරයා වූ ඩ්වයිට් අයිසන්හවර්, පරමාණු බෝම්බය නිපදවීම හා ඒ සමගින් බිහිවුනු දැවැන්ත තාක්ශණික ජයග්‍රහණ වැඩිදියුණු කිරීමටත්, එම තාක්ශණයන් වාණිජමය වශයෙන් අමෙරිකානු ආර්ථිකයේ වර්ධනය සඳහා වැඩිදියුණු කිරීමටත් බෙල් ලැබ්ස් ආයතනයට පැවරීමට තීරණය කලේ එවකට අමෙරිකාවෙන් බිහිව තිබුණු ප්‍රමුකතම තාක්ශණික ආයතනය එයවීම නිසයි. ඒ අනුව පරමාණු බෝම්බය නිමැවිමේ ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කල, එම තාක්ශණයේ සුරක්ශිතාගාරය ලෙසද කටයුතු කල යුධහමුදාවේ Z ඩිවිශණයේ බොහෝ කාර්යයන්ද බෙල් ලැබ්ස් සමාගමට පැවරුනා. මෙම පැවරීමත් සමග Z ඩිවිශණයේ තවත් නොනිළ කාර්යභාරයක් බවට අහඹුවෙන් පත්වී තිබුණු රොස්වෙල් පිටසක්වල යානයේ අධිතාක්ශණික සුන්බුන් හා එම සුන්බුන් විශ්ලේෂණය කිරීමෙන් ලියැවුනු විශේෂඥ වාර්තා බෙල් ලැස් පර්යේෂ්ණායතනයට ලැබෙන්නට ඇතැයිද අනුමාන කෙරෙනවා.

බෙල් ලැබ්ස් ආයතනයේ පර්යේෂකයින් විසින් එම වසරේදීම (එනම් 1947 අවසන්වීමට පෙර) ලොව ප්‍රථම ට්‍රාන්සිස්ටරය නිර්මාණය කිරීම තනිකරම අහඹුවක්ද එසේත් නැතිනම් ඔවුන්හට රොස්වෙල් යානයේ තිබූ පිටසක්වල ඉලෙක්ට්‍රොණික උපාංග නිරීක්ශණය කිරීමට හෝ එම උපාංග පරීක්ශාකර ලියැවුනු පර්යේශණ වාර්තා කියවීමට ලැබුණාද, එමගින් ඔවුනට ට්‍රාන්සිස්ටරයක් ප්‍රායෝගිකව නිමැවිය හැකි ආකාරය පිලිබඳව අදහසක් මතුවුනාදැයි තිරණය කිරීම ඔබට භාරකරමි…

1969 වසරේදී, එනම් Z ඩිවිශණය හා පිටසක්වල සුන්බුන් හා ඒවායේ විශ්ලේෂණ වාර්තා බෙල් ලැබ්ස් ආයතනය ලැබී වසර 22කට පසු ඔවුන් විසින් නූතන ඩිජිටල් කැමරා තාක්ශණය නිර්මාණය සඳහා මූලිකම තාක්ශණය වූ ආලෝක සංවේදී සංගෘහිත පරිපථයක් වන CCD වර්ගයේ පරිපථයක් නිමැවුනා. මෙයට වසර 22ක් වැනි විශාල කාළයක් ගියේ ඇයිදැයි ඔබට ගැටලුවක් පවතීනම් එයට පිලිතුර නම් 1947දී නිමැවුනු ට්‍රාන්සිස්ටරය, එවැනි ට්‍රාන්සිස්ටර් කිහිපයක් එකම සිලිකන් පතක පිහිටවුනු සංගෘහිත පරිපථයක් (integrated circuit) ලෙස වැඩිදියුණු වීමට 1958 තෙක් වසර 11ක් ගතවුනු බව කළ්පණාකල යුතුය. CCD ආලෝක සෙන්සරයක් යනු ආලෝක සංවේදක ක්ශුද්‍ර කැපෑසිටර් ඇති සංගෘහිත පරිපථයකි. පිටසක්වල තාක්ශණ සුන්බුන් තිබුණද එවක පැවතුනු පෘථිවි තාක්ශණයෙන් එවැන්නක් ප්‍රථිනිර්මාණය කිරීමට වසර ගණනාවක් ගතවිය හැකි බව පිලිගැනීම එතරම් අපසු නොවිය යුතුබව මාගේ හැඟීමයි.

එමෙන්ම 1957 වසර වනවිට බෙල් ලැබ්ස් ආයතනයේ පර්යේෂකයින් ලේසර් තාක්ශණය පිලිබඳව පර්යේෂණ ආරම්භ කොට තිබුණු බවද සටහන් කල යුතුය. ලේසර් කිරණ තාක්ශණය හා ඒ සබැඳුනු ලේසර් කිරණ මගින් අධිවේගී ලෙස දත්ත සම්ප්‍රේශණය ප්‍රකාශ තන්තු (fibre optics) වල කොටස් රොස්වෙල් වෙත කඩාවැටුනු පිටසක්වල යානයේ තිබුණු බවට වාර්තා ගණනාවක් ඇත.

“Day after Roswell”

මින් ප්‍රමුඛතම සටහන තැබෙන්නේ “Day after Roswell” නම් ග්‍රන්ථයක් සම්පාදනය කල අමෙරිකානු යුධහමුදා කර්නල් වරයෙකු වූ ෆිලිප් කෝර්සෝ විසිනි. අමෙරිකානු යුධහමුදාවේ බුද්ධි අංශයේ විදෙස් තාක්ශණ අංශයේ උසස් නිළයක් දැරූ බව පැවසෙන කෝර්සෝ රොස්වෙල් පිටසක්වල තාක්ශණ සුන්බුන් විවිධ අමෙරිකානු පර්යේශණාගාර වලට බෙදා හැරීමේ සැළසුම භාරව ක්‍රියාකල තැනැත්තා බව පැවසේ. රොස්වෙල් පිටසක්වල යානාවේ හා කඩාවැටුනු වෙනත් යානාවල තාක්ශණික කොටස් විදෙස් රටවලින් ඔත්තුසේවා හරහා ලබාගන්නා ලද තාක්ශණික උපාංග බව හඟවමින් අමෙරිකාවේ අධිතාක්ශණික සමාගම් හා විශ්වවිද්‍යාල පර්යේෂණාගාරවලට බෙදා හැරි ආකාරය කෝර්සෝ සිය කෘතියෙහි විස්තර කරයි.

CIA සංවිධානයේ පූර්වප්‍රාප්තික OSS ආයතනය, ඇමිණුම් කටු මෙහෙයුම

OSS හෙවත් Office of Strategic Services යනු සී.අයි.ඒ සංවිධානයේ පූර්වගාමී ආයතනයයි. දෙවන ලෝක යුධ සමයේදී නට්සි ජර්මනියේ ඔත්තු සේවා සඳහා පිහිටවුනු මෙම ආයතනය යුද්ධයෙන් අනතුරුව පරාජිත නට්සි ජර්මනියේ විද්‍යාඥයින් විසින් හිට්ලර්ගේ යුධ යන්ත්‍රය සඳහා නිමවා තිබුණු අපූර්ව යුධ තාක්ශණයන් හා එම තාක්ශණයන් නිමැවූ විද්‍යාඥයින් මෙන්ම ඔවුන්ගේ පර්යේෂණාගාර පවා අමෙරිකාව වෙත පටවා යැවීමට දැවැන්ත කාර්යභාරයක් ඉටුකලේය.

නීල් ආම්ස්ට්‍රෝං සඳ වෙත ගෙනගිය සැටර්න් 5 අත්දැවැන්ත රොකට්ටුව නිර්මාණය කල, ඊට වසර 25කට පෙර හිට්ලර් උමතු යුධ සැළසුම් සඳහා ලන්ඩනය සුන්බුන් කල ලොව ප්‍රථම බැලිස්ටික් මිසයිලය වන V2 රොකට්ටුව නිර්මාණය කල වර්නර් වොන් බ්‍රෝන් හා ඔහුගේ සහයක විද්‍යාඥයින් හා රොකට් විශේෂඥයින් නට්සීන් ගේ යුධ අපරාද සඳහා දඬුවම් කිරීමට පිහිටුවා තිබූ නියුරම්බර්ග් යුද්ධාදිකරණයෙන් හසුනොවන ලෙස සඟවාගෙන අමෙරිකාවට ගෙන ආවේද ඕ.එස්.එස් ආයතනයයි.

Operation Paperclip හෙවත් ඇමිණුම් කටු මෙහෙයුම ලෙස හැඳින්වුනු මෙම මෙහෙයුම හරහා දරුණු ගණයේ යුධ අපරාධවලට සම්බන්ධවුනු නට්සි විද්‍යාඥයින් පවා ඔවුන්ගේ යුධ අපරාද පිලිබඳව තොරතුරු සඟවා රහසින් අමෙරිකාව ගෙන ආ ලද්දේ ඔවුන්ගේ පර්යේශණ හා නව නිර්මාණ හැකියාවන් අමෙරිකාවට ලබාගැනීම සඳහායි.

OSS සංවිධානය හා එහි අනුප්‍රාප්තික CIA සංවිධානය රොස්වෙල් හා අනෙකුත් පිටසක්වල යානා කඩාවැටීම් හා ඒවායේ තාක්ශණය උකහාගැනීම් මෙන්ම පිටසක්වල යානා පිලිබඳව අතිශය රහසිගත තොරතුරු අමෙරිකාවේ පොදුජනතාවට හෝ සතුරු රාජ්‍යවල ඔත්තුකරුවන් හට දැනගැනීමට නොහැකිවන ලෙස ආරක්ශාකිරීම භාරව ක්‍රියාකල බව පැවසෙනවා.

එමෙන්ම පිටසක්වල තාක්ශණය උකහාගැනීම සඳහා මෙන්ම පිටසක්වලයින් පෘථිවිය මත සිදුකරන ක්‍රියාකාරකම් නිරීක්ශණය, වාර්තාකිරීම, පර්යේෂණ කිරීම මෙන්ම ඒවා පාලනයකල හැකි ආකාරයන් සොයාගැනීම සඳහා රොස්වෙල් කඩාවැටීමෙන් වසරකට පමණ පසු අමෙරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් ස්ථාපිත කරනලද මැජෙස්ටික් 12 කමිටුවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සී.අයි,.ඒ සංවිධානයේ අධ්‍යක්ශකවරයා පත්කොට සිටියා.

ඇමිණුම් කටු ව්‍යාපෘතියෙන් අමෙරිකාවට ආ නට්සි විද්‍යාඥයින් ලවා පිටසක්වල යානා සුන්බුන් පර්යේෂණවලට බඳුන්කොට එම තාක්ශනවල ක්‍රියාකාරිත්වය පිලිබඳ කල්පිත නිබන්ධන (Scientific Concept Papers) ලියවාගත්තාද?

මෙලෙස අමෙරිකාවට රහසිගත ලෙස ගෙන ආ නට්සි ජර්මන් විද්‍යාඥයින් හා විශේෂඥයින් රොස්වෙල් යානාවේ සුන්බුන් විවිධන් පර්යේෂණවලට බඳුන්කිරීමට හා එම පර්යේෂණ ප්‍රථිපල ආශ්‍රයෙන් එම තාක්ශණයන් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව කල්පිතයන් විස්තර කෙරෙන පර්යේෂණ නිබන්ධන පිලියෙල කිරීමේ කාර්යයන්ද පැවරුන බවට අනුමාන කෙරෙනවා. රහසින් අමෙරිකාවට ගෙන ආ නිසාත් යුධ අපරාධවට සම්බන්ධ බැවිනුත් මෙම ජර්මන් විද්‍යාඥයින්ගෙන් බොහෝ දෙනෙකු ඉතා නිහඬව මෙන්ම නිර්ණාමිකව මෙම කටයුතු වල යෙදුනු බවත් එම පත්‍රිකාවලින් ඔවුන්ගේ අනන්‍යතාවයක් හෙලිනොවන ආකාරයට ඒවා ලියැවී තිබුණු බවත් වාර්තා වනවා. මේ අනුව අමෙරිකානු යුධ ප්‍රධානීන්ට මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් හටද පිටසක්වල තාක්ශණය අතිදක්ශ, එහෙත් ප්‍රසිද්ධියක් අපේක්ශා නොකරමින් රාජකාරිය සිදුකරන විද්‍යාඥයින් පිරිසක් ලවා විශ්ලේශණය කරගැනීමට හැකිවුනු බව පැවසෙනවා.

මෙවැනි නිර්නාමික තාක්ශණික කල්පිත පත්‍රිකා වෙනත් පර්යේශණාගාරවල සේවය කරමින් සිටි තෝරාගත් විද්‍යාඥයින් හට අතිශය රහසිගත ගිවිසුම් වලට යටත්ව ලබාදුන් බවට අනුමාන කෙරෙනවා. එම කල්පිට පත්‍රිකා ආධාරයෙන් නිර්මාණය වන නව තාක්ශණයන්ගේ අයිතිය මෙන්ම ඒවායෙන් ලැබෙන ආදායම් හා ප්‍රසිද්ධය හා ගෞරවයද එම විද්‍යාඥයින් හට හිමිකර ගැනීමට අවස්තාව ලබාදී ඇති බවද පැවසෙනවා.

සංගෘහිත පරිපථයේ නිර්මාතෲ OSS සාමාජිකයෙකු ලෙස යුධ සමයේ ක්‍රියාකිරීම අහම්බයක්ද?

සංගෘහිත පරිපථ පිලිබඳ තාක්ශණය රොස්වෙල් යානාවේ තිබී ප්‍රතිඉන්ජිනේරුකරණය කරගත් තාක්ශණයක් බව පැවසෙනවා. එපමණක් නොව තවත් අපූරු අහම්බයක් (නැතහොත් නිශ්චිත සැළසුමකට අනුව සිදුවූවක්) නම් සංගෘහිත පරිපථයේ නිර්මාතෲවරයා ලෙස පිලිගැනීමට ලක්ව සිටින ජැක් කිල්බි දෙවන ලෝක යුධ සමයේදී OSS ආයතනයේ තාක්ශණික නිළධාරියෙකුව සිටි බවයි. OSS ආයතනය හෝ එහි අනුප්‍රාප්තික CIA සංවිධානය අතිශය රහසිගත පිටසක්වල සුන්බුන් පරික්ශාකිරීමට යම් අයෙකුට දෙන්නේනම් එම පුද්ගලයා ඉතා විශ්වාස කටයුතු පුද්ගලයෙකු වියයුතු බවට විවාදයක් නැත. ඒ අනුව කලක් OSS හි සේවය කල දක්ශ තාක්ශණික ශිල්පියෙකු හා පසුව ඉන්ජිනේරුවෙකු ලෙස උපාධිය දිනාගෙන අධිතාක්ශණික ඉලෙක්ට්‍රොණික උපකරණ නිර්මාණ සමාගමක එවකට සේවයේ නියුතුව සිටි ජැක් කිල්බි වැනි විශ්වාසවන්තයෙකුට එම අවස්ථාව ලැබාදීම එතරම් පුදුමයක් විය නොහැකියි නේද?

ඉලෙක්ට්‍රොනික උපාංග හැකිතාක් කුඩා කිරීමේ පර්යේෂණවල එවකට නියුතුව දක්ශ විද්‍යාඥයින් සියගණනක් අතුරින් කිල්බිට පමණක් සිලිකන් පෙත්තක් මත ට්‍රාන්සිස්ටර් වැනි උපාංග ස්ථාපණය කිරීමෙන් ඉතා කුඩා සංගෘහිත පරිපථයක් නිපදවිය හැකිය යන විප්ලවීය අදහස එක්වරම පහලවූයේ කෙසේදැයි ජැක් කිල්බිගේ චරිතාපදාන වලට අනුව විස්තර කෙරෙන්නේ නෑ. විකිපීඩියා හා වෙනත් කිල්බි පිලිබඳව ලියැවුනු චරිතාපදානවල, එවක (1957-58) ටෙක්සාස් ඉන්ස්ටෘමන්ට්ස් නැමති ඉලෙක්ට්‍රොණික සමාගමේ පර්යේශණ වල නියැලී සිටි කිල්බි හට මෙම අදහස පහලවී ඒ ඔහුගේ කළමණාකාරිත්වයට ඉදිරිපත් කොට පර්යේෂණ සඳහා අවසර ඉල්ලූ බව පැවසෙනවා….

පිටසක්වල තාක්ශණය අමෙරිකානු විද්‍යාඥයින් හට හා අධිතාක්ශණික සමාගම් වලට ලැබෙන ආකාරය දැන් පැහැදිලිද…?

බොහෝ අවස්ථාවලදී මේ විද්‍යාඥයින් කිසිවෙකුටත් පිටසක්වල යානාවල කොටස් අධ්‍යයනය කිරීමට හෝ පර්යේෂණයට බඳුන්කොට තාක්ශණය උකහාගැනීමට ලැබෙන්නේ නෑ. එම පර්යේෂණ අතිශය රහසිගත ලෙස වෙනත් විද්‍යාඥයින් හා විශේෂඥයින් මගින් සිදුකරන අතර එම පරියේෂණ අදාලව ලියවුනු තාක්ශණික පත්‍රිකා හා කල්පිත පත්‍රිකා පමණක නිර්ණාමීකරණයට (anonymized) බඳුන්කොට වෙනත් විද්‍යාඥයින්ට ලබාදෙනවා.

මෙම කල්පිත පත්‍රිකා පරිශීලණය කරන තුන්වන පාර්ශවයේ විද්‍යාඥයින් හට ඔවුන් මේ කියවන්නේ පිටසක්වල තාක්ශණයක් ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳව ලියැවුනු කල්පිතයක් බවට වැටහීමක් ඇතිවන්නේ නෑ. බොහෝවිට මෙවැනි පත්‍රිකා අමෙරිකාවේ ක්‍රියාත්මක වන සියගණනාවක් අතිශය රහසිගත යුධමය කටයුතු පිලිබඳව පර්යේෂණ කෙරෙන පර්යේෂණාගාරයක විද්‍යාඥයෙකු විසින් රචිත, රාජ්‍ය රහස් ආරක්ශාකිරීමෙන් පනත් මගින් ආරක්ශා කොට ඇති තාක්ශණයක් පිලිබඳව පත්‍රිකාවක් බව එම විද්‍යාඥයින් හට හඟවනවා.

පිටසක්වල තාක්ශණය ඇසුරින් නිමැවුනු විද්‍යාත්මක සංකල්ප හා තාක්ශණ සංකල්ප අමෙරිකානු විද්‍යාගාර හා අධිතාක්ශණික සමාගම වෙත ලැබෙන්නේ මෙවැනි නිර්නාමකරණ ක්‍රියාවලියකින් පසු, එම තාක්ශණයේ ජන්මය පිලිබඳව සියලු තොරතුරු වසන් කිරීමෙන් පසුවයි…..

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top