රටක් හඬවා සදහටම දෑස් පියා ගත් රවිඳු | චායාරුපයේ ඈත්තම කතාව…

akalata miyadunu raviduge kathawa

දිනෙන් දින සිදුවන හදිසි අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත බොහෝමයක් අකාලයේ අහිමි වී යන පුවත් අපට නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබේ.

පසුගිය සිකුරාදා සවස එවැනිම අනතුරක් වාර්තා වුණේ දෙහිවල දුම්රිය ස්ථානය අසල දීය.

පෞද්ගලික ආයතනයක රැකියාවේ නියුතු රවිඳු සහන් 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු පසුගිය සිකුරාදා දුම්රිය ස්ථානය ආසන්නයේ මාර්ගය අසල රැඳී සිටිය දී අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන්නේය.

දුරකථන ඇමතුමක් ලබාගනිමින් දුම්රිය මාර්ගය අසල රැඳී සිටි රවිඳු නොසිතූ නිමේෂයක දුම්රියේ ගැටී තිබුණි.

විවාහකයෙක් වන රවිඳුගේ අකල් මරණය මේ වනවිට මුළු සමාජ මාධ්‍ය තුළම දැඩි කතා බහකට ලක්ව ඇති අයුරු එහි ප්‍රවිෂ්ට වෙන ඕනෑම අයෙකුට දැක ගත හැකිය.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි රවිඳුගේ අවසන් කටයුතු හෙට (20) කොහුවල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

රවිඳු කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකු ද වේ.

කොච්චරක් නම් බලාපොරොත්තු ඒ දෙන්නට තියෙන්න ඇත්ද.ඉවසීමක් නැතිකම හින්දා ඉක්මනින් ම එයාට යන්න වුනා.කාට වුනත් මරණය උරුමයි..හැබැයි මේ වගේ මරණයක් , දුකක් කිසි කෙනෙකුට අහන්න දකින්න නොලැබේවා !!!! හිමි වේවා අහිමි නොවේවා…🙏

අස්ථීර ලෝකයක් ඇතුලේ

කා එක්කවත් තරහක් නැතුව ජීවත් වෙන්න.

මොකද යන්න වෙන වෙලාව අපි දන්නැ 💔🥺

නිවන් සැප අත්වේවා සහෝදරයා ! ❤️🌻🙏

රවිඳු වෙනුවෙන් මුහුණුපොතේ මිතුරන් තැබූ සටහන් කිහිපයක් පහතින්,

“එක මෙහොතක්, එක තත්පරයක් ඇති අපි මේ ගෙවන මුළු ජීවිතය ම වෙනස් වෙන්න. හමුවෙන හැම ජීවිතයක් ම අපි ළඟ නතර වෙන්නැ කවදාවත් ම.
බෙන්ටා ආයෙ ආත්මෙක අපි කොහෙදි හරි සෙට්වෙමු!
එකම ඉස්කෝලෙක එකම පන්තියක ආයෙත් අපි එකට ම
ඉගෙන ගමු!💔
සුභ ගමන් බෙන්ටා උඹට!…”

“ඉන්න තැනක සතුටින් ඉදපන් වේල්ස් 😭 උබට ආදරෙයි බං. ❤️ අමතක වෙන්නෙ නම් නෑ උබව කවදාවත්. 😭😭💔”

“අඩෝ හිතාගන්න බැ රවියා..අපිට තවත් සහොදරයේක් වගේ යාලුවේක්. හිටිය .මේවැනි අකල් මරණ කිසිම කෙනෙක් ට සිදුවෙන්න නරකයි. . ඉන්න තැනක උබ හොඳින් ඉන්න ඕන ..😢😢 නිවන් සුව ලැබේවා.. රවියා”

336501789 946911406490263 9083662587804775902 n
1679229617 Ravidu L
336989417 1291432638254237 8192364690504267722 n
337124060 1356620318455234 6757513616504982707 n
336708074 5886333991415756 6876095872890377343 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top