A සමාර්ථ 9 ලබාගත් සිසුවාට භූමිතෙල් දමා ගිනි තබයි

The student who obtained A 9 pass is put on fire with kerosene 696x392 1

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ A සමාර්ථ 9ක් ලබාගත් සිසුවෙකුගේ සිරුරට භූමිතෙල් ඉස ගිනි තැබීමේ සිද්ධියක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

බෙරවඩ්ස් විදුහලේ සිසුවෙක් මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි මහනුවර මුලස්ථාන පොලීසිය සඳහන් කළේ.

තමා ලද ජයග්‍රහණය සිය මිත්තනියට පවසා පියා සමඟ ආපසු එමින් සිටියදී සිසුව මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

අම්පිටිය පල්ලේගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙකුයි මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ.

සිද්ධියෙන් සිසුවාගේ හිස ප්‍රදේශය සහ සිරුරේ පහළ ප්‍රදේශයට බරපතල තුවාල සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඔහුට සැත්කමක් ද සිදුකර ඇති බවද මහනුවර මහ රෝහලේ ප්‍රකාශකයෙක් කියා සිටියා.

කලක සිට අම්පිටිය ප්‍රදේශයේ ක්‍රියාත්මක මැර කල්ලියක් මෙම ක්‍රියාව සිදුකොට ඇති බවයි ප්‍රදේශවාසීන් සැකපළ කරන්නේ.

තවද සිසුවාගේ පවුලේ අය මැර කල්ලියට ඇති බිය නිසා ඔවුන් සම්බන්ධව තොරතුරු හෙළි කිරීමක් සිදු නොකරන බවද එම ප්‍රදේශයේ ජනතාව චෝදනාවක් කරනු ලබනවා.

හොරොයින් අයිස් ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම වටා ක්‍රියාත්මක මැර කල්ලියක් කාලයක සිට අම්පිටිය ප්‍රදේශයේ විවධ අපරාධ සිදු වුණත් ඔවුන් සම්බන්ධව පොලීසියට කෙතරම් තොරතුරු ලබා දුනන්නත් පලක් නොවන බව ද තොරතුරු ලබා දෙන්නන්ගේ තොරතුරු අපරාධකරුවන්ට ලබා දීමට ඇතැම් පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top