බියර් , වයින් විකිණීමේ නීති ලිහිල් වේ…

untitled design 64

කොන්දේසිවලට යටත්ව , රට පුරා පිහිටාඇති සංචාරක හෝටල් සහ සංචාරක කලාපවල පිහිටි සංචාරක නවාතැන් සහ සංචාරක සේවා සපයන ස්තානයන් තුල වයින් හා බියර් ඇතුළු පැසවීම මගින් නිපදවනු ලබන මත්පැන් භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා…

සුරාබදු ආඥා පනතේ 25 වැනි වගන්තිය සමඟ කියැවිය යුතු 32 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායිතාකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා අවශ්‍ය නම්‍යශීලී උපායමාර්ගික ප්‍රවේශයක් ලෙස ක්‍රියාත්මක වන මෙය හරහා, රට පුරා පිහිටි සංචාරකයන්ගේ සුවපහසුව පිණිස ආහාර පාන සපයනු ලබන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලා සහ සංචාරක අධිකාරිය විසින් හඳුනාගෙන ඇති සංචාරක කලාපවල පිහිටි නවාතැන් සහ සේවා සපයන සංචාරක ආයතනයන්ට මෘදු මන්පැන් වෙළඳාමට අවසරලබාදී තිබෙනවා..

එසේ ම එම මෘදු මත්පැන් අලෙවිය සඳහා අවශ්‍ය කෙරෙන බලපත්‍රය වාර්ෂිකව රුපියල් 25,000.00 ක මුදලකට යටත්ව ලබා දීමට නියමිත බවත් මෙම රීතින් ජුලි මස 28 වැනි දින සිට බලාත්මක වන බවත් ඒ සම්බන්ධයෙන් නිකුත් කොට ඇති නිවේදනයේ සඳහන්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top