මේ දිනවල රටේම ආන්දෝලනයට ලක්වෙන මාතුකාවක් තමයි ක්‍රිකට් කියන්නේ. 2022 ලෝක කුසලානය නරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමෙන් ඕස්ට්‍රේලියාවට ගිය හිතවතුන් අතර උපසභාපති ජයන්ත ධර්මදාසගේ නම යටතේ ශලනි තාරකා (Shalani tharaka) සහ අනුරාධා එදිරිසිංහ (Anuradha Edirisinghe) යන රංගන ශිල්පිනියන් දෙපළත් ඉන්නවා…
රංගන ශිල්පිනි ශලනි තාරකා සහ අනුරාධා එදිරිසිංහ යන අයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගුවන් ගමන් ප්‍රවේශ පත් මිලදී ගත් ගණුදෙනුවේ විස්තර යයි සදහන් සටහන් පෙළක් සමාජ ජාල වල හුවමාරු වෙමින් තිබේ.
එහි දැක්වෙන ආකාරයට ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක් සඳහා රුපියල් අට ලක්ෂ අසූ දහසක මුදලක් වියදම් කර ඇත.
කෙසේ වෙතත් ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් අමතමින් ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් කියා සිටියේ මෙම නළු නිළියන් සඳහා ක්‍රිකට් ආයතනය වියදම් කළේ යැයි ඔප්පු කළොත් තම තනතුරු වලින් ඉල්ලා අස්වන බවය.
Knowledge World Blog- WWW.KNOWLEDGEWORLD.BLOG
Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM
Ceylebrity Sinhala News- WWW.CEYLEBRITYNEWS.LK
Share