ගමක් හඩවා අවසන් ගමන් ගිය සචිනිගේ මරණ පරීක්ෂණයෙන් හෙළිවු දේ…

sachinige abirahasa

අභිරහස් ලෙස රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේදී  ඝාතනයට ලක්වූ තරුණිය දූෂණයට ලක්ව නොමැති බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබේ.

මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ විශේෂඥ වෛද්‍ය මුදිත කුඩාගම මහතා විසින් සිදුකර තිබෙන අතර තරුණියගේ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ ඇයගේ මරණය ගෙළ සිරකිරීමකින් සිදුවූවක් නොවන බවය. එසේම ඇයගේ සිරුරේ තැලුම් තුවාළ හෝ නොමැති බවද එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

මළ සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදෙමින් ඥාතීන් වෙත නිදහස් කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇයගේ ජංගම දුරකතනය තවදුරටත් අතුරුදන්ව ඇති බවය.

සචිනි ජිනාදරී නමැති 25 හැවිරිදි වියේ පසුවූ රත්නපුර නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි එම තරුණියගේ අභිරහස් මළ සිරුර ඇගේ නිවස අසළම ඇළ මාර්ගයක තිබී ඊයේ (27) සොයාගෙන තිබුණි. 

 විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළ සචිනි රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත සිට ඇත. ඊයේ දිනයේ ඇය සුපුරුදු පරිදි අදත් උදෑසනින් රැකියාවට පිටත්ව ගොස් තිබුණි

. සචිනි පිළිබඳ තොරතුරක් නොවූයෙන් ඇතිවූ සැකය මත පවුලේ ඥාතීන් ඒ ගැන පොලීසිය දැනුවත් කිරීමෙන් පසු සිදුකළ සෝදිසියේ දී ඇගේ මළසිරුර මෙලෙස හමුවී ඇත. ඒ සචිනිගේ නිවසට යාබද ඇළ මාර්ගයක තිබියදීය.

මියගිය සචිනි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන අතර ඇය දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමල් දියණිය විය.

මරණය පිළිබඳ ස්ථානීය පරීක්ෂාව සිදුකරනු ලැබුවේ රත්නපුර වැඩබලන මහෙස්ත්‍රාත් සුමිත් ආනන්ද මහතා විසිනි. මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන රත්නපුර සහ ඇළපාත පොලිස් ස්ථාන මගින් ආරම්භ කර තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top