අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද දින මාධ්‍ය කැමරා කණ්ඩායමක් ඉදිරියේ අදහස් දැක්වීමක් අතරතුර එක් කැමරාකරුවෙකු අසා සිටියේ පසුගිය දිනවල වසන්ත මුදලිගේ ෂැංග්‍රිලා හෝටලයේ කෑමකට ගොස් සිටි ඡායාරූපයක්සමාජ මාධ්‍ය තුළ හුවමාරු වූ බවත් ඒ ගැන කියන්නේ කවරක්ද යන්නයි.
“අපට විවිධ මඩ ගහනවා ඇඟිල්ල දික් කරන අයට අප කරන්නෙ, සද්දෙට හිනා වෙන එක තමයි. දැං ඒක බොරු ප්‍රචාර ගොඩක් කරල අපට ඇඟිල්ල දික්කරන අයගෙන් අහන්ඩ ඕන දැන් මේ ආණ්ඩුවට විරුද්ධව වැඩ කරන අයට අවලාද නඟනවා වෙනුවට ආණ්ඩුවේ අයට රටේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න ඕන කමක් නැද්ද කියලා.
රටේ ප්‍රශ්න කතා කරන අයගේ ප්‍රශ්නෙ ගැන නැතිව ඒ අයට අවලාද නගන එක තමයි වෙලා තියෙන්නෙ.
පොටෝ එකක් පෙන්නුව කියලා මඩ වදින්නෙත් නැහැ.
ෂැංග්‍රිලා එකට අපි ගිහිනුත් නැතිව ඒකෙ නම දාලා පොටෝ ප්‍රසිද්ධ කරන අය අපේ අභියෝග පිළිගන්නේ නැතිව වෙන දේවල් කරන බව තමා පේන්නේ.”
ඇත්තටම ඔබ එහි ගියාද?
‘අපි යන්නැතිව ගහපු මඩක් ඕක. එහෙම අවශ්‍යතාවක් තියනව නං ෂැංග්‍රිලා නෙමෙයි ඕන තැනකට යන්න මට පුලුවන් ඒකෙ වරදකුත් නැහැ.ඒක මගේ පුද්ගලිකත්වය”