ඩිමෙන්ෂියා හැදී ඇතැයි කියා ප්‍රකෝටිපති 79 හැවිරිදි Porsche හිමිකරු බිරිය දික්කසාද කරයි…

wolfgang porsche

ලෝකයේ වාහන අධිරාජ්‍යයක කිරුළ දරන ජර්මනියේ Porsche වාහන ප්‍රධාන විධායක 79 හැවිරිදි ප්‍රකෝටිපති වුල්ෆ්ගැන්න් පොෂේ සිය 74 හැවිරිදි බිරිය දික්කසාද කිරීමට උසාවියෙන් අවසර ඉල්ලා තිබේ. හේතු වශයෙන් දක්වා ඇත්තේ බිරියට ඩිමෙන්ෂියා රෝග තත්වය පවතින බවත් විවාහ ජීවිතය ගත කිරීම අපහසු බවත්ය.
ඉහළ වටිනාකමින් යුත් වාහන අලෙවිය හරහා ධනය ඉපැයූ ප්‍රකෝටිපති Porsche පවසා ඇත්තේ තම බිරිය වන ක්ලොඩියා පොෂේ   Claudia Porsche ගේ රෝගය නිසා ඇතිව තිබෙන පෞරුෂයේ වෙනස්කම් තමන්ට බාධාකාරී බවයි.
මීට පෙර 1988 සිට 2008 දක්වා සුසෑන් බ්‍රෙසර් Susanne Bresser සමඟ විවාහවී සිටි ප්‍රකෝටිපතියා ඇගෙන් දික්කසාද වූයේ වයස 64 දීය.
අනතුරුව වයස 65 දී ක්ලොඩියා සමග විවාහවී මේ දක්වා අවුරුදු 14 ක් ඇය සමග සිටින අතර
ක්ලොඩියාට අසනීප වූ පසු රැකබලා ගැනීම සඳහා රැකබලා ගන්නන් හතර දෙනෙකු පසුගිය වසර දෙක තුළ පැය 24 පුරාම වැඩ කළ බවද කියැවේ. දියණියක සමග ජීවත් වන ඇයට මාස ගණනාවක් ස්වාධීනව ගමන් කිරීමට නොහැකි වූ අතර ඇයගේ මානසික අවබෝධය වේගයෙන් පිරිහෙමින් පවතින බව පැවසේ.
ජර්මානු මාධ්‍ය වාර්තා කියා සිටින්නේ වුල්ෆ්ගැන්ග් පොෂේ වසර 25 ක් තිස්සේ සමීප මිතුරියක් වන 59 හැවිරිදි ගේබ්‍රියෙලා ප්‍රින්සසින් සූ ලීනින්ගන් සමඟ සුහදව සිටින බවයි.
වුල්ෆ්ගැන්ග් පොෂේ ට විවාහ වලින් දරුවන් හතර දෙනෙකු සිටින අතර පදිංචිය ඔස්ට්‍රියාවේය

 වුල්ෆ්ගැන්ග් පොෂේ පවුලේ ව්‍යාපාර ජාලයක වත්මන් හිමිකරුවා ය. ඔහුගේ සීයා වූ විශිෂ්ට ඉංජිනේරු ෆර්ඩිනැන්ඩ් පොෂේ 1912 දී ලෝකයට ‘පොෂේ ‘ වාහන හඳුන්වාදීමේ පුරෝගාමියා වූ අතර අනතුරුව ඔහුගේ ඇවෑමෙන් ෆෙරී පොෂේ පුතු අතට ව්‍යාපාරය ගියේය. 1998 ෆෙරී ප්‍රොෂේ මියගිය පසු ඔහුගේ පුතු වුල්ෆ්ගැන්ග් පොෂේ ව්‍යාපාර ජාලයේ හිමිකරු විය.

 වුල්ෆ්ගැන්ග් පොෂේ මෙම දික්කසාදය සමග පවුම් බිලියන 18ක ඇස්තමේන්තුගත පවුල් වත්කම් වටිනාකමක් ඇති Porsche පවුලද කැඩී බිඳී යාමකට ලක් විය හැකි බව ජර්මානු මාධ්‍ය වාර්තා කර තිබේ.

1 Elektra Salzburg Festival 2020
4642698
2010 11 03T120000Z 497672862 GM1E6B404JN01 RTRMADP 3 GERMANY ju180u
wolfgang porsche mit ehefrau claudia
6870 13 20120627174851
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top