සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර හත වසරේ සිසුවකුගේ කෑමට සහ පානය කිරීමට දුන් සිසුන් හය දෙනාට එරෙහිව රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක්…

dog pills

සුනඛයින්ට දෙන ඖෂධයක් කුඩුකර සේරුනුවර ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන  සිසුවකුගේ දිවා ආහාරයට මුසු කර කෑමට සහ පානය කිරීමට  දුන් බව කියන සිසුන් හය දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නා ලෙස රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් ඉල්ලීමක් කර ඇතැයි සේරුනුවර පොලීසිය පවසයි.

මෙවැනි දෙයක් කළ සිසුන් හයදෙනාගේ අනාගතය ගැන සිතා රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන් මෙවැනි තීරණයක් ගෙන ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.

රෝගාතුරව ත්‍රිකුණාමලය රෝහලේ මේ වන විටත් ප්‍රතිකාර ලබන සිසුවා ද තමා සමග එකම පන්තියේ ඉගෙනුම ලබන මිතුරු සිසුන් හය දෙනාට සමාව දීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කියති.

සුනඛයන්ට ලබාදෙන ඖෂධ වර්ගයක් ශරීරගත කිරීමට සැලැස්වූ බව කියන සිසුන් හය දෙනා පොලීසියට කැඳවා අවවාද කිරීම පමණක් සෑහෙන බව රෝගාතුරව සිටින සිසුවා ගේ මවුපියන් වැඩිදුරටත් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇතැයි දැන ගැනීමට තිබේ.

රෝගාතුරව සිටින සිසුවාගේ මවුපියන්බුද්ධිමත් තීරණයක් ගෙන එම සිසුන් හය දෙනාට සමාව දීමට ගත් තීරණය පොලීසියේද ප්‍රශංසාවට ලක්වී ඇති බව වැඩිදුරටත් දැන ගැනීමට ඇත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top