අතහැර ගිය පෙම්වතියට වට්ස්ඇප් ඔස්සේ ජායාරූපයක් යවා පෙම්වතා සියදිවි හානිකර ගනියි 

suicide

ගෙල ප්‍රදේශයට ඇද ඇතිරිල්ල දමාගෙන සිටින අයුරු ඡායාරූපය අතහැර ගිය පෙම්වතියගේ ජංගම දුරකතනට යැවු පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුවකුගේ සිරුර ඔහු නවාතැන් ගෙන සිටි කාමරේ විදුලි පංකාවේ එල්ලෙමින් තිබියදී ඥාතීන් විසින් සොයා ගෙන ඇතැයි මහරගම පොලිසිය පවසනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි සිසුවෙකු බව සඳහන්.

බොරැල්ල ප්‍රදේශයේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන මියගිය සිසුවා තරුණියක සමඟ පෙම්  සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබී ඇති අතර එම තරුණිය විසින් කිසියම් හේතුවක් මත එය නතර කර දමා ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

විශ්වවිද්‍යාලය කරා යාමට පහසුවක් ඇති වන පරිදි මියගිය සිසුවාගේ පියා සිසුවාව පන්නිපිටිය, ප්‍රගති මාවත මිතුරකුගේ නිවසේ නවාතැන් ලබාදී ඇති අතර  මෙම සිද්ධිය වී ඇත්තේ එම නිවසේ කාමරයකදී බව පොලිසිය පැවසුවේ.

මිය යාමට මොහොතකට පෙර සිසුවා විසින් ගෙන ඇඳ ඇතිරිල්ල ගෙල වටා දමාගෙන සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් පෙම්වතියට වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ යොමුකර තමන් මිය යන බවත් කෙටි පණිවුඩ කිහිපයක් ද යවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව එම තරුණිය සිසුවාගේ මවුපියන්ට ඒ බව දැනුම් දීමට පියවර ගැනීමෙන් අනතුරුව පියා ඇතුළු ඥාතීන් පැමිණ සිසුවා නේවාසිකව සිටි නිවසේ දොර කඩා බැලීමේදී සිසුවාගේ සිරුර විදුලි පංකාවේ එල්ලෙමින් තිබෙනු දැක වහා ක්‍රියාත්මක වී හෝමාගම මූලික රෝහල වෙත ඇතුළත් කරනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කලේ.

සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේදී සිදු කිරීමට නියමිත අතර මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top