ශ්රී ලංකා කණ්ඩායමේ ජෙෆ්රි වැන්ඩසේ සහ අශේන් බණ්ඩාර හතරේ සීමාව අසලදී පන්දු රකිමින් සිටි අවස්ථාවේදී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවුණා.
ඒ මේ වන විට Thiruvananthapuram හිදී පැවැත්වෙන ඉන්දු ශ්රී ලංකා තුන්වන එක්දින තරඟයේ දීයි.
අනතුර හේතුවෙන් අශේන් බණ්ඩාර සහ ජෙෆ්රි වැන්ඩසේ ක්රීඩා පිටියෙන් ඉවත් කරනු ලැබුවා.
මේ වන විට අශේන් බණ්ඩාර කඩිනම් ප්රතිකාර සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙනවා.
Share