අද වන විට බහුතරයක් තාක්ෂණික උපාංග ප්‍රමාණයෙන් කුඩා වී ඇත.එයින් ප්‍රධාන තැනක් ගන්නේ කැමරාවේ.අතීතයේ දියුණු රටවල ඔත්තු බලන ඒජන්සි වල පවා නොතිබුණු තරම් ප්‍රබල සහ සූක්ෂම කැමරා අද වන විට වෙළෙඳ පොළෙහි ඇත.Spy camera ලෙස හඳුන්වන මේවා ඉතාම රහසිගතව සඟවා වීඩියෝ සහ ඡායාරූප ගැනීම ඕනෑම කෙනෙකුට පහසුවෙන් සිදුකල හැකිය.අතීතයේදී මෙවැනි කැමරා සඳහා බලය සැපයීමට වයර් අවශ්‍ය වන අද වන විට සම්පූර්ණයෙන්ම බැටරි මගින් ක්‍රියාත්මක වී රැහැන් රහිත ව දත්ත හුවමාරු කළ හැකි සූක්ෂම කැමරා අද වන විට වෙළදපො ලට පැමිණ ඇත.මෙවැනි කැමරා වැසිකිලි, හෝටල් කාමර,පුද්ගලික වාහන වැනි විවිධ ස්ථානවල රහසේ සඟවා වීඩියෝ දර්ශන ලබා ගැනීමට ඕනෑම කෙනෙක් භාවිතා කරයි.අදවන විට බොහෝ රටවලට මෙය විශාල ගැටලුවක් බවට පත්වී ඇත.මෙවැනි කැමරා සඟවා ඇති ද යන්න සොයා ගත හැකි ක්‍රම කිහිපයක් පහත දැක්වේ.
01) ඔබේ අවට වටපිටාව දෙස විමසිල්ලෙන් බලන්න.
සමහර වෙලාවට රහසිගත කැමරාවක් හඳුනා ගැනීමට ඔබට විශේෂ උපාංග කිසිවක් අවශ්‍ය නොවේ.ඔබ ඉන්න තැන අවට තරමක් විමසිල්ලෙන් බැලීම ප්‍රමාණවත් වේ.රහසිගත කැමරා සවි කරන බොහෝදෙනෙක් අනිත් අයගේ නොසැලකිල්ල ප්‍රයෝජනයට ගනී.තමන් ඉන්න තැන පිළිබඳ සැලකිල්ලක් නොමැති අයෙක්ව රහසේ වීඩියෝ කිරීම හරිම පහසු වැඩක් වේ. නාන කාමරයක් හෝ වැසිකිලියක් නම් සිස්ටම් ඇතුළත හෝ පිටිපස හුරු මාරුවන කවුළුව අසල,කණ්නාඩිය පිටුපස වැනි තැන්වල කැමරා සැඟවීම බහුලව සිදුවේ. හෝටල් කාමරයක් නම් එහි ඒසී යන්ත්‍රය රූපවාහිනී යන්ත්‍ර පිටුපස,ඇද අසල තිබෙන කබඩ් එකේ, කාමරය ඇතුළත තිබෙන පැළෑටි වල ,විදුලි කෙවෙණි වැනි ස්ථාන වල කැමරා සඟවා තිබිය හැක.මේ තැන් දිහා තරමක් උවමනාවෙන් බලන්න.එහිදී තමන් මෙවැන්නක් කරන පුද්ගලයෙක් ලෙස සිතින් මවා ගැනීම සිදු කරගත හැක.
02) සැක සහිත ස්ථානවලට එළියක් අල්ලන්න.
කුඩා සිදුරක් ඇතුලත ඇති කැමරාවක් එකඑල්ලේ බැලුවිට ඔබට හඳුනා ගැනීමට නොහැකි විය හැක. කැමරාවක් සගවා ඇත්තේ දැයි යන අදුන ගැනීමට බොහොම සාර්ථක ක්‍රමයක් ලෙස එයින් පරාවර්තනය වෙන වන ආලෝකය බැලීම සිදු කළ හැක.මොන තරම් හොඳින් සැඟවූවා කැමරාවකට වුවද ආලෝකය වැටුනහොත් එහි කාචයේ දිලිසීමක් ඇතිවේ.මෙම ක්‍රමය ද ඔබට රහසිගත කැමරා ඇති ස්ථාන හඳුනා ගැනීමට හඳුනා ගැනීමට පහසු වේ. ඔබ රාත්‍රියක් නැවතීමට වගේ යන්නේ නම් මෙවැනි අවස්ථා සඳහා ආලෝක ධාරාවක් පිටවන ටෝච් එකක් රැගෙන යාමට හැකි නම් වඩාත් සුදුසු වේ.කාමරයේ ලයිට් ඕෆ් කර විවිධ අහුමුළු,සැකසහිත තැන් වලට ඒක අල්ලා අමුතු දිලිසීමක් ආලෝකය පරාවර්තනය වීමක් ආදිය දකින්නට ලැබේදැයි යන්න ඔබට ම බැලිය හැක .ඔබට මේ සඳහා දුරකථනය flashlight එක වුවද භාවිතා කල හැක.නමුත් එය සාර්ථක වීම සඳහා එම ස්ථානය ආසන්නයට ම ගෙන ගොස් පරික්ෂා කළ යුතුය.
03) ස්මාට් ෆෝන් එකෙන් රහස් කැමරා සොයා ගන්න
දුරකථනයෙහි වර්ගය අනුව රහසිගත කැමරා සොයාගත් හැකි ක්‍රම රාශියක් තිබේ.smartphone වල අන්තර්ගත කර තිබෙන විවිධාකාර sensor සහ නෙට්වර්ක් වැනි ක්‍රම මෙහිදී භාවිතා වේ.සූක්ෂම රැහැන් රහිතව වයිෆයි ආදී තාක්ෂණයන් භාවිතයෙන් ක්‍රියාත්මක වෙන කැමරා සොයා ගැනීමට මෙම ක්‍රමය භාවිතා වේ.ඔබගේ ෆෝන් එකේ වර්ගය අනුව ඒ වෙනුවෙන්ම සැකසුණු විවිධාකාර ඇප් රාශියක් ඔබට භාවිතා කර හැක.නවීන අයිෆෝන් සඳහා වඩාත් ගැලපෙන්නේ Fing ඇප් එක වේ.iphone එකෙහි පවතින කැමරා එකතුව,ඉලෙක්ට්‍රොනික් මාලිමාව,GPSreceiver එක ආදිය මේ සඳහා භාවිතයට ගැනේ. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට Fing එකේ android version එක ඔබට භාවිතයට ගත හැක.කෙසේ වුවද ඔබගේ ෆෝන් එකෙහි ඇති සෙන්සර් වර්ග අනුව එහි සාර්ථකත්වය වෙනස් විය හැකියි.මෙම කිසිම ඇප් එකක් නොමැතිව වුවද ඔබේ ෆෝන් කැමරාවෙන් IR ආලෝකය භාවිතා වෙන රහස් කැමරා සොයා ගත හැක.විශේෂයෙන්ම ලයිට් නිවන ලද හෝටල් කාමරයක් වැනි අඳුරු ස්ථානවල පටිගත කිරීම සඳහා භාවිතා වේ.ගිහින් මිනිස් ඇසට නොපෙනෙන IR ආලෝකය පිටකරන කුඩා LED අඩංගු වේ.කෙසේ වුවද බොහෝ phones කැමරාවල ඉමේජ් සෙන්ස් එක IR ආලෝකයට සංවේදී ය .එම නිසා සැක සහිත ස්ථානවලට කැමරාව අල්ලා ඇසට නොපෙනෙන ආලෝකමත් තැන් තිබෙන්නේ ද යන්න ඔබටම බලාගත හැක. ඔබගේ නිවසේ තිබෙන ටීවී රිමෝට් එකේ ඉදිරිපසට ෆෝන් කැමරා එක අල්ලා රිමෝට් එකේ බොත්තම ඔබලා බලන එක තමන්ගේ දුරකථනයට තමන්ගේ දුරකථනයට IR ආලෝකය හඳුනාගත් හැකි ද යන්න බැලීමට ඔබට තිබෙන සරල ක්‍රමයක් වේ.
04) ඔබට ඉහල තත්වයේ ස්මාට් ෆෝන් එකක් නොමැතිනම්
ඔබගේ දුරකථනයේ ජී එස් එම් ප්‍රතිග්‍රාහකය භාවිතා කළ හැක.ඒ සඳහා හොඳම ක්‍රමය ඔබගේ දුරකථන හි mobile network එක තාවකාලිකව 2G වලට මාරු කිරීමය.ඔබගේ දුරකථනයේ තිබෙන 3G,4G ප්‍රතිග්‍රාහක අතුරු බාධක ඉවත් කළ හැකි ආකාරයට නිර්මාණය කළ තිබුණද 2G හි මෙම පහසුකම නැත.එහි දත්ත වේගය අවම වීමට ද මෙය ප්‍රධාන හේතුවක් වේ.මෙය රැහැන් රහිත රහස් කැමරා හඳුනා ගැනීමට ඔබට උදව් කර ගත හැක.එයට ෆෝන් එකේ network එක 2G කාට හෝ ඒ මඟින් කෝල් එකක් ගන්න. අනිත් පැත්තේ කෙනාට එය mute කරන්නැයි පවසා තමන්ගේ දුරකථනයෙන් speaker phone එක සක්‍රිය කරගන්න.පසුව කාමරයේ සැක සහිත තැන් වලට ෆෝන් එක ලං කර බලන්න.රැහැන් රහිත කැමරාවක් තිබුණහොත් ඉන් නිකුත්වෙන අතුරු බාධන ඇති වීම නිසා අපේ දුරකථනයෙන් සිග්නල් බාධා ඇතිවන ශබ්ද ඇසීමට පටන් ගනී.
05) දෙපැත්ත පෙනෙන කන්නාඩි හඳුනාගන්න
කන්නාඩි වලින් එක පැත්තකින් අපිට අපගේ ප්‍රතිබිම්බය දැකගත හැක.අනිත් පෙත්තෙහි තිබෙන්නේ රතු කළු වර්ණය සහිත ආලේපනයක් පමණක් වේ.කෙසේ වුවත් විශේෂ ක්‍රමයකට නිර්මාණය කරන ලද තවත් දර්පණ වර්ගයක් තිබේ.මේ වගේ අනිත් පැත්තේ සිට දර්පන වල විනිවිද පෙනෙන වීදුරුවක් වගේ අනෙක් පැත්ත දැකීමට හැකිය.මෙවැනි දර්පණ විශේෂයෙන්ම ඇඳුම් සාප්පුවල ඇඳුම් මාරු කරන ස්ථානවල දකින්නට ලැබේ .ඊට පිටුපසින් රහස් කැමරාවක් සඟවා තැබීමට ද හැකිය.දෙපැත්ත පෙනෙන කණ්නාඩි වල තිබෙන්නේ ඒකාකාරී ආලේපනයක් වෙනුවට බොහොම සූක්ෂම හෙට සමූහයක් සහිත ආලේපනයක් වේ.එය තරමක් දුරට දුහුල් රෙද්දක් යයි සිතන්නට පුළුවන.නිසා ආලෝකය හොඳින් තිබෙන පැත්තට දිලිසෙන පැත්ත හරවා තැබූ විට එය පෙනෙනුයේ සාමාන්‍ය කණ්ණාඩියක් වගේ ම ය.අඳුරු පැත්තේ සිට බැලූ විට දුහුල් රෙද්ද තුලින් බලනවා මෙන් අර සියුම් සිදුරු තුළින් අනෙක් පැත්ත විනිවිද දැකිය හැක. කෙසේ වුවත් තාක්ෂණික අවශ්‍යතාවයක් නිසා මෙවැනි දර්පණයක අදාල සිදුරු සහිත දිලිසෙන ස්ථරය ආලේපනය කළ යුත්තේ පිට පැත්තේ ය.ඒ සාමාන්‍ය දර්පණයක වගේ වීදුරුවට පිටිපසින් ලෝහය ආලේපනය කිරීමට වඩා වෙනස්ය.ඇඟිල්ලක් කණ්නාඩිය වෙත ළං කිරීමෙන් ඔබට හඳුනා ගත හැක.ඇඟිල්ල කන්නාඩියේ පෘෂ්ඨයේ ගෑවූ විට සාමාන්‍ය දර්පණයක් නම් වීදුරුවේ ඝණකම නිසා ප්‍රතිබිම්බය ට කුඩා දුරක් පවතී. දෙපැත්ත පෙනෙන දර්පනයක් නම් දිලිසෙන පෘෂ්ටය පිට පැත්තේ තිබෙන නිසා ඇගිල්ල එහි ප්‍රතිබිම්බය කෙලින්ම ස්පර්ශ වේ.
06) විශේෂයෙන්ම නිර්මාණය කළ උපාංගයක් මිලට ගන්න
සාමාන්‍ය පුද්ගලයෙක් තමන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කරගන්න පියවර ගැන ඉහත සඳහන් කර ඇත. ඔබ සමහර විට සමාජයෙන් වැදගත් කෙනෙක් වෙන්න පුළුවන් .සමහරවිට නළු නිළියන් ,නිරූපණ ශිල්පීන්, ව්‍යාපාරිකයන් දේශපාලනයක් වෙන්න පුළුවන් .ඒ වගේම ප්‍රසිද්ද අයගේ රහස් වීඩියෝ ලබාගෙන ඒවා බ්ලැක් මේල් කිරීමට යොදාගන්න වා ඕන තරම් අහල තියෙනවා දැකලා. ඔබ ඒ වගේ දේකට මුහුණ දෙන්න වැඩි ඉඩකඩක් තියෙන කෙනෙක් නම්, ඒ සමාජ පරිසර නියෝජනය කරන කෙනෙක් නම්, විශේෂ නිර්මාණය කළ උපාංග ගැනීමට මුදල් යෙදවීම ඔබේ සමාජ හැටියට පාඩුවක් වෙන එකක් නැත.නමුත් තරමක් මිල අධික ඒවා විය හැක.
Share