සෙස් බදු නිසා භාණ්ඩ  637 ක මිල ඉහලට..! මිල ගණන් සහ භාණ්ඩ ලැයිස්තුව මෙන්න…

සංශෝධනය කරනු ලැබූ සෙස් බද්ද ඊයේ (15) සිට ක්‍රියාත්මක කෙරෙන බව රජය නිවේදනය කර තිබේ. ආනයනකරුවන් පවසන්නේ ඒ අනුව HS කේත 187ක් යටතේ ඇති භාණ්ඩ 637ක මිල ඉහළ යන බවය.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පෙරේදා (14දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2023 අයවැය ලේඛනය අනුව එකතු කළ අගය මත පනවන ලද බද්ද සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස රේගුව වෙත දන්වා තිබේ.

ඒ අනුව සහල්, අර්තාපල්, පරිප්පු, ලූනු, ෆාම් තෙල්, බටර්, චීස්, කිරි ආදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යද, පොත්, පෑන්, පාවහන්, දවටන, ටයර් ආදී භාණ්ඩවල මිල එසේ ඉහළ යනු ඇත.

මෙහිදී ආනයනික සහල් කිලෝග්‍රෑමයකට රුපියල් 60ක්, ලූනු කිලෝග්‍රෑමයකට රුපියල් 30ක්, අර්තාපල් කිලෝවක් රුපියල් 220ක්, කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 300ක්, බටර් කිලෝග්‍රෑමයක් රුපියල් 550ක් සහ චීස් කිලෝග්‍රෑමයක් රුපියල් 600කින්ද සෙස් බදු ඉහළ යනු ඇති.

මීට අමතරව ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද, ඇපල් කිලෝග්‍රෑමයක් රුපියල් 380කින්ද, ෆාම් තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් 60කින්ද, කොප්පරා කිලෝග්‍රෑමයක් රුපියල් 370කින්ද ඉහළ දමා ඇත.

මීට අමතරව ආනයනික රබර් හා ටයර් රුපියල් සීයේ සිට හාරසීය (100-400) දක්වාත්, පාවහන් වර්ග අනුව රුපියල් 90-1840 දක්වාත්, බෝල්පොයින්ට් පෑන්වල මිල සීයට 25%ක් දක්වාත් ඉහළ යනු ඇති.

මෙහිදී අභ්‍යාස පොත් කිලෝග්‍රෑමයක් රුපියල් 250කින්ද, දවටන කිලෝග්‍රෑමයක් රුපියල් දෙසීයකින්ද ලිහිසි තෙල් කිලෝග්‍රෑමයක් රුපියල් තුන්සීයකින්ද වශයෙන් බදු අය කරන ලෙස රේගුවට දන්වා ඇත. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.

22 6374cd7072884
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top