ගායිකාවක් විදියට හැමෝම හදුනන කෙනෙක් තමයි නතාශා පෙරේරා කියන්නේ. ‘සුළගක් වී මං යනවා’ ගීතයෙන් හදුනාගත්ත ඒ කුඩා දියණිය අද වන විට රටම දන්න දක්ෂ චරිතයක් වෙලා ඈය දෑන් රංගන ශිල්පිනියක් , නීතිඥවරියක් , නිවේදිකාවක් , ගායිකාවක් විදිහට ඈයගේ දක්ශතා දක්වයි.
ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ කාලෙන් කාලෙට ජීවත් වෙන නතාශා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නීතිඥවරියක් කියන ක්ශේෂ්ත්රයන්ගෙන් හදුන්වා , ඉන් එහාට සුරූපිනියක් කියලත් අනිවාර්න්ම කියන්නට හැකි ඉතා සුන්දර රූ සපුවක් ඇයට තියෙනවා. ඉතින් රටවල් දෙකක ජීවත් වෙන නතාශා පෙරේරා ඇගේ රූප සුන්දරත්වය වැඩි දියුණු කරගන්නට විවිද විලාසිතාවන් අනුගමනය කරනවා…
ඉතින් විලාසිතා ගැන නතාශා පෙරේරා දැක් වූ අදහස් කිහිපයක් පහතින්.
” මම හැම වෙලේම විලාසිතා ගැන අවධානයෙන් ඉන්නේ. ඇදුම් පැළදුම්, ආභරණ, හෙයාර් කලර් මෙ හැම දේම ගැන මම ගොඩක් හොදින් හිතනවා ,හොද විලාසිතාවක් කලාම කය සතුටින් වගේම මනසත් සතුටින් තියන්න පුලුවන්. මම කරන විලාසිතා ගොඩක් දෙනෙක් අගය කරනවා වගේම අනුකරණය කරනවා. හැබැයි සමහරක් දෙනා විවේචනයත් කරනවා. ඔය මොන දේ වුණත් මම ඒ හැම දේම සතුටින් භාර ගන්නවා. පිට රටවල් වල සුවද විලවුනුත් තමන්ගේ විලාසිතාවල කොටසක් බවට පත් කරගෙන තියෙනවා. අපි කරන විලාසිතා වලින් කෙනෙක්ව මනින්න බෑ. මොකද මම උසාවි යන්නේ සුදු සාරි ඇදලා, මියුෂිකල් එකකට යන්නේ වෙනස්ම ඇදුමක් ඇදලා. අපි සහභාගිවෙන තැන අනුව අපේ විලාසිතා වෙනස් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් අපේ විලාසිතාවලින් අපිව මනින්න බෑ.”.
ඈයගේ නවතම විලාසිතා කීපයක් පහතින් (Photos)
ඈයගේ Facebook ගිනුමට 1M followers ලෑබුනු පසු ඈය අදහස් කීපයක් Facebook වෙත ඉදිරිපත් කර තිබෙනවා..
Share