Peacock Hill, Sri Lanka
ගම්පලින් නාවලපිටිය පාරේ \ උලපනේ හන්දියෙන් වමට හරවා \ කඩදොර හන්දියෙන් දකුනට හරවා (කොත්මලේ ජලාශ නැරබුම් ස්තානය අසල) \ දොරගල පාර (මහවැලි සෑය පාර) \ දොරගල හන්දියෙන් තේ කර්මාන්ත ශාලාව දෙසට යන පාර ඔස්සේ , Peacock Hill තරනය කරන ස්ථානයට ලගා වීමට හෑකිය..
නෑතහොත් ගම්පොල නුවරඑලිය මාර්ගයේ පාරදෙක (double Road ) හන්දියෙන් පැමින දොරගල හන්දියට හො තවලන්තැන්න හෝ පුස්සැල්ලව හරහා කඩදොර හන්දියට ලගාවිය හැකිය.
පොදු ප්‍රවාහන සේවා බාවිතා කරන්නේ නම් ගම්පොල සිට උලපනේ හරහා දොරගලට යන බස්රතය ,ගම්පලින් උදෑසන 8ට පිටත්වේ. නැවත දොරගල සිට ගම්පලට එම බස්රතයම සවස 2ට පිටත්වේ. උදෑසන 8ටේ බස්රතය ගම්පලින් මහගැරුනොත් ගම්පලින් මාවෙල හො කොත්මලේ බස්රතවල පැමින කඩදොර හන්දියේ සිට පා ගමනින් හෝ ත්‍රීරෝද රතයක ගමන් කලයුතු වේ.
කෙසේ වෙතත් මෙහි යනවා නම් කොත්මලේ සෑය ළඟින් උඩට තියෙන පාරේ තමයි යන්න අවශ්ය. Map එකේ පෙන්නන්න්නේ වෙන පාරක්. ඒ පාරෙ ගමන්කලහොත් පැය 2ක් විතර කාලයක් යනවා කන්ද උඩට යන්න.
කන්ද තරනය ආරම්භක ස්තානයේ සිට 500m පමන දුරක් ෆයිනස් කැලය හරහා තරනය කල යුතුය. මෙයද තවත් සුන්දර අද්දෑකීමකි. වැසි සමය මගහැර සංචාරය කිරීම මගින් මීදුම නිසා දර්ශනපතය වැසීයාම සහ කූඩැල්ලන් යන දුශ්කරතා මගහරවාගත හැකිය.
කදුමුදුනට පැමිනි විට වම්පසින් පුස්සැලාව නගරයද ,ඊට ඉහලින් චැරුයත් පාත් කදු, පෙරට්ටාසි, රාගල කදු ,නුවරඑලිය කදු , ගැරඩි ඇල්ල , රම්බොඩ ඇල්ල , පූනා ඇල්ල, කොත්මලේ ජලාශය හා ඊට ඉහලින් ඇති කදු පන්ති දැකගත හෑකිය.
මේ ගමන පෞද්ගලික වාහනේක යාමට සිතනවා නම්
🌎.කොත්මලේ සෑය
🌎.මොණරගල
🌎.කඩියන්ලෙන ඇල්ල
🌎.කඩදොර විහාරය
🌎.කොත්මලේ වේල්ල
🌎.රණමුණේ පිහිල්ල
මේ සියල්ල බලන් එන්න පුළුවන්..
පහුගිය සමයේ වැඩි ආකර්ශනයක් දිනාගත් නිසා අවට පරිසරය යම් තරමක කුනු කසල වලින් අපවිත්‍රවී ඇත. යනවා නම් අරන් ගිය ඒවා ආපහු අරන් එන්න. නැත්නම් එතනත් තහනම් කලාපයක් වීමට ඉඩ ඈත… 😭😭
සටහන් අයිතිය මුල් හිමිකරුට සහ චායාරූප අන්තර්ජාලයෙන් … 🙏😘
Share