සය හැවිරිදි දරුවෙක් ගුරුවරියට වෙඩි තබයි

6 year boy shoot

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවය.

ප්‍රහාරයට පෙර ගුරුවරිය සහ දරුවා අතර බහන්බස් වීමක් සිදු වූ බවද සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරුන් පවසා ඇත.

ඇය මේ වන විට පසුවන්නේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ බවද වාර්තා වෙයි.

විමර්ශන නිලධාරීන් පවසන්සේ මෙය අහඹු අනතුරක් නොවන බවය.

වෙඩි ප්‍රහාරය එල්ලකර සය හැවිරිදි දරුවා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

දරුවා ගිනි අවියක් ලබා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව විමර්ශන මෙතෙක් අනාවරණය වී නැත.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top