තමන් විසින් විරෝධතාවයන් හිදී පොලිස් නිලධාරීන් සිප වැළඳ ගනිද්දී ඔවුන් ඒ සම්බන්ධයෙන් විරෝධතාවක් පලකර නැතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් පසුව දොස් පැවරුවද එම ක්‍රියාව කරන විට එය නොකරන්නැයි ඔවුන් කිසි විටෙකත් තමන්ගෙන් ඉල්ලා නැතැයි ද ඇය පැවසුවාය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධතාවලදී පොලිස් නිලධාරීන් වැළඳ ගැනීම උපක්‍රමයක් ලෙස භාවිතා කරන බව පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අධිකරණයට කළ ප්‍රකාශය පිළිබඳව අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.
“අපිට තියෙන ප්‍රශ්න ඒ අයටත් තියෙනවා.
පොලිසිය බැටන් පොලු සහ වෙනත් ආයුධ රැගෙන එනවා නම් අපි සාමකාමීව ඔවුන්ව නවත්වන්න උත්සාහ කළ යුතුයි,”
