හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය කළ පුද්ගලයා අත්අඩංගුවට…

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳට තර්ජනය

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මිය කළ පැමිණිල්ලකට අනුවය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ඉකුත් සැප්තැම්බර් 22 වැනිදා අයෝමා රාජපක්ෂ මහත්මියගේ ජංගම දුරකථනයට 19 වතාවක් ද, ඉකුත් 23 වැනිදා 08 වතාවක් ද ඇමතුම් ගෙන ඇති බව අනාවරණය වී තිබේ. අදාළ ඇමතුම්වලදී සැකකරු විසින් අයෝමා රාජපක්ෂ මහත්මියගෙන් රුපියල් ලක්ෂ 10ක කප්පම්ක් ඉල්ලා ඇති බවත්, එය ලබා නොදෙන්නේ නම් නෑවත හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසලට ජනතාව එක්රැස්කර පන්නා දමන බවටත් තර්ජනය කර ඇතැයි විමර්ශන නිලධාරින් පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. සැකකරුට හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියගේ ජංගම දුරකථන අංකය කෙසේ හමුවූයේ දැයි විමර්ශන නිලධාරින් කළ ප්‍රශ්න කිරීමේදි ඔහු පවසා ඇත්තේ තමන් නොදැනුවත්වම එම දුරකථන අංකයට ඇමතුමක් ගොස් තිබු බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top