ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ඈදුම (ජර්සිය) අලුත් වෙයි – නවතම වෙනස්කම් බලන්න මෙන්න.. PHOTOS

ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය

මෙවර 2022 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ , නිල ඈදුම (ජර්සිය) එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි.

කටුනායක වෙළෙඳ කලාපයේදී මෙම එළිදැක්වීම සිදුවු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් එක්විය.

2022 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිතය. විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට , සරිලන ආකාරයෙන් ඔවුන් මෙම ජර්සිය සකස් කර තිබීම විශේෂත්වයකි.

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින් බවට පත්වු අභිමානය පිළිඹිබු වන අන්දමින් වගේම කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර තිබේ සහ ඒ අතර මෙවර ජයග්‍රහකයින්ට $ Million 1.6 පිරිනෑමීමට නියමිත බවයි ICC ආයතනය පවසන්නේ….

22 6337fbb4af6f2
22 6337fc0e2046f
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top