ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුවොත් මිලියන ගණනකගේ ජීවිත අවදානමකට ලක්විය හැකියි. – හියුමන් රයිට්ස් වොච්

download 3

COLOMBO ( News 1 st ) – ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් ඉක්මන් ප්‍රතිචාරයක් නොදැක්වුව හොත් මිලියන ගණනාවක ජීවිත අවදානමකට ලක්විය හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ ආර්ථික විශේෂඥයින් ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සඳහා ණය හිමියන් එකඟතාව පළ  කළ යුතු බවයි.

එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානවල සහය ශ්‍රී ලංකාවට ලබා ගත හැකි බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දී ඇත. 

මෙම නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ණය හිමියන් වන චීනය, ජපානය හා ඉන්දියාව කඩිනමින් ණය ප්‍රතිව්‍යුග ගත කිරීමට සහය දක්වමින් ආර්ථික අර්බුදයෙන් මතුවන මානව හිමිකම් කඩවීම් වහා අවම කළ යුතු බවයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථික හා සමාජීය අයිතීන් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂක පියවර ගැනීමට කඩිනමින් අවශ්‍ය අරමුදල් ලබා දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සිය ක්‍රියාපටිපාටිය භාවිත කළ යුතු බව ද මෙම නිවේදනයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආර්ථික විශේෂඥයින් පෙන්වා දී තිබේ.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top