ලෝක ප්‍රකට ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමි තැන වෙනස් වෙයි.

ehrejhdtj

ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණ තිබේ.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසුවූ අතර මේ වන විට එය 7 වන ස්ථානය දක්වා පහළ බැස ඇත. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය 106%ක් බව ය.

මෙම සතියට අඅදාළව නිකුත් කර ඇති එම උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිම්බාබ්වේ පසු වන අතර දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙළින් කියුබාව සහ ලෙබනනය පසුවෙනවා.       

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් දිගින් දිගට ම අදහස් දැක්වූ ඔහු ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වී ඇතැයි මීට පෙර පැවසීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top