රනිල් ජනතාව නොමග යවනවා..! – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති

image 4134089fba

විදුලි බිල සම්බන්ධයෙන් සහ තමන්ට අයත් මහල් නිවාස සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාව නොමග යවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව දැඩි විවේචනයක් ඉදිරිපත් කළ අතර ඒ, විදුලි බිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදු කර තිබුණු ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙනි.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මහල් නිවාස ව්‍යාපෘති කිහිපයක අයිතිකරුවකු බවත් විදුලිබිල ඉහළ දැමීමට ඔහු විරුද්ධ වන්නේ ඔහුගේ එම ව්‍යාපාර ජාලය නිසා බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.

කෙසේ වෙතත්, 2023 වසරේ දී විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මෙතෙක් ලංකා විදුලි බල මණ්ඩලය නිල වශයෙන් කොමිසමෙන් ඉල්ලීම් කර නැති බවත් තමන්ගේ ව්‍යාපාර ජාලයට ජනාධිපතිවරයා ලබා දුන් ප්‍රචාරණයට තමන් ස්තුතිය පළ කරන බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී විදුලි ඉල්ලුම 20% කින් ඉහළ යා හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලය පුරෝකථනය කර තිබුණද එය එසේ විය නොහැකි බවත් ලෝක බැංකුව පවසන පරිදි ලංකාවේ ආර්ථිකය 2022 වසරේ දී 9.2% කින් හැකිලී ගිය අතර 2023 වසරේ දී එය 4.2% කින් තව දුරටත් හැකිලී යාමට නියමිත අතර ඒ අනුව විදුලි ඉල්ලුම තවත් පහළ වැටිය හැකිබවත් ජනක රත්නායක පෙන්වා දෙනවා.

එළැඹෙන වසරේ ඇති වීමට නියමිත නියගයක් පිළිබදව උපකල්පනය කරමින් ඉන්ධන මගින් විදුලිය නිපදවීම මේ වසරේ පැවති ගිගාවොට් 230 ක ප්‍රමාණයේ සිට ගිගාවොට් 4600 ක් දක්වා ඉහළ යා හැකි බව විදුලි බල මණ්ඩලය පවසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ජනක රත්නායක පවසන්නේ අනාගත නියගයක් පිළිබදව විදුලි ඉන්ජිනේරුවන්ට උපකල්පනය කළ නොහැකි බවයි.

මේ වසරේ දී ලංකා විදුලි බල මණ්ඩලය ජල විදුලිය භාවිතයෙන් ගිගාවොට් පැය 5000 ක් නිෂ්පාදය කරන තිබෙන අතර ඇති වීමට නියමිත නියගය හේතුවෙන් ලබන වසර සදහා ජල විදුලියෙන් නිපදවිය හැක්කේ ගිගවොට් පැය 4000 ක විදුලියක් බව ලංකා විදුලි බල මණ්ඩලය කර තිබෙන ප්‍රකාශයද පිළිගත නොහැකි බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා පවසනවා.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top