රටටම තීරණාත්මක 8 වෙනිදා..!

download

2023 අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්වෙන මුදල් ප්‍රමාණ පිළිබඳව  අයවැය කාරක සභාවේ විවාදය අදින් ඇරඹෙන අතර එය දෙසැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

අයවැය දෙවනවර කියවීම හෙවත් ජනාධීපතිවරයා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම ඊයේ සිදු කෙරුණා.

වැඩි ඡන්ද 37 කින් එය පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර අද සිට අයවැය තුන් වන වර කියවීමේ විවාදය ආරම්භ වනවා. එහිදී සිදු කෙරෙන්නේ අයවැයෙන් ඒ ඒ අමාත්‍යංශ සහ ආයතනවලට අයවැයෙන් මුදල් වෙන්කිරීම පිළිබඳව වෙන් වෙන් වශයෙන් ගෙන විවාදයට ගැනීමයි.

ඒ අනුව අදාළ වැයශීර්ෂ පිළිබඳ වෙනමම ඡන්ද විමසීම් ඉල්ලා සිටීමටද විපක්‍ෂයට ඉඩ සැළසෙනවා. මෙම විවාදය ආරම්භ කරමින් අද දිනයේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, උපරිමාධිකරණවල විනිසුරුවරුන්ට, විවිධ කොමිෂන් සභාවලට සහ පාර්ලිමේන්තුවට ඇතුළු ආයතන 25 ක් සඳහා අයවැයෙන් මුදල් වෙන් කිරීම පිළිබඳ විවාදයට ගැනීමට නියමිතයි.

අද දිනයේ ඇඹෙන විවාදය ඉරිදා දිනවල හැර ලබන දෙසැම්බර් 8 වැනිදා දක්වා දින 13 ක කාලයක් පැවැත්වීමටයි සැළසුම් කර තිබෙන්නේ. දෙසැම්බර් 8 වැනිදා මුදල් අමාත්‍යංශයට මුදල් වෙන්කිරීමට නියමිතයි.

ඒ පිළිබඳ කෙරෙන ඡන්ද විමසිමද ඉතා තීරණාත්මක එකක් වන අතර යම් හෙයකින් මුදල් අමාත්‍යංශයේ වැයශීර්ෂය පරාජය වුවහොත් ආණ්ඩුව විසුරුවා හැරීමට සිදු වනවා. මෙවන් පසුබිමක් මත විපක්‍ෂයේ කණ්ඩායම් අයවැය දෙවනවර කියවීමේදී ලබාගත් ප්‍රතිඵලයට වඩා වැඩි හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ක්‍රියාකරනමින් සිටින අතර ආණ්ඩුව උත්සාහ කරමින් සිටින්නේ ලබාගත් ප්‍රතිඵලය තවත් වර්ධනය කර ගැනීමටයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top