මේ බලගතු ඔසුව ආකර්ෂණීය රුවකට මගපාදයි

මේ බලගතු ඔසුව ආකර්ෂණීය රුවකට මගපාදයි

ලස්සන රූපයක් ලබා ගන්නවා එහෙමත් නැතිනම් ආකර්ෂණීය රුවක් ලබාගන්නවා කියන්නේ තමන්ගේ කොණ්ඩය , තමන්ගේ සම ඇතුළුව මුළු පංචකල්‍යානය ම ඉතාමත් නිරෝගී ආකාරයට පිරිසිදුවට තබා ගැනීමයි. තමන්ගේ රූපය අලංකාරව තබාගැනීමට නම් අනිවාර්යයෙන්ම තමන්ගේ මනස, ශරීරය ඉතාමත් නිරෝගීව පවත්වා ගැනීම අනිවාර්ය දෙයකී…

305974250 483660783628728 4363234445062266589 n 2

අපි දැන් කතා කරන්න යන්නේ කොහොමද මනස , ශරීරය සුවපත් කර ගනිමින් ආකර්ෂණීය රූපයක් ලබා ගන්නේ කියා…

1.අපගේ ශරීරය පළමුව අපි ඉතාමත් නිරෝගී ආකාරයට තබා ගැනීමට නම් පිත් , වා , සෙම් යන තුන් දෝෂයන් ම සමබර ආකාරයෙන් තබා ගැනීම අත්‍යවශ්‍යම සාදකයක් වෙනවා.. එසේ තුන් දොශයන් සමබර ආකාරයෙන් පවත්වා ගැනීමට ත්‍රිඵලා කියන්නේ හොඳ ඖෂධයක්. ත්‍රිපලා පෙති හෝ කරල් 2-3ක් දවසක් හැර දවසක් උණු වතුර වීදුරුවක් සමග පානය කරන්න. මේ ඔබට නොකඩවාම සිදු කරගෙන යන්නට පුළුවන්නම් ප්‍රතිඵල ඔබටම වෑටහේවි…. (ඔනෑම ආයුර්ව්‍රේද බෙහෙත් වෙලදසෑලකින් ලබාගත හෑක)

z p28 Natural 01 1

2. බොහොමයක් පිළිකා ඇතුළු  තත්වයන් වලට හේතු වන්නේ ශරීරයේ තිබෙන විෂ ස්භාවයයි. එම නිසා ශරීරයෙ සහ මනසේ විෂහරනයක් කළ යුතුය. මාස හයකට සෑරයක් බඩ විරේකයක් සිදු කරන්න. එමඟින් සිරුරේ තිබෙන විෂ ගතිය නැතිවී යයි..

ඒ වගේම ශරීරයේ තිබෙන විශ දොශ නැති කර ගැනීම සඳහා

• ව්‍යායාම්,යෝග ආදියට එදිනෙදා යොමුවන්න.

• උදෑසන හිස්බඩ ජලය පානය කරන්න.

• මඳ උණුසුම් ජලය වැඩිපුර පානය පුරුදු වෙන්න..

•  සෞඛ්යමත් ආහාර රටාවක් සඳහා හුරුපුරුදු වන්න.

• මනසේ තිබෙන විෂ නැති කර ගැනීම සදහා අනවශ්‍ය සිතුවිලි ඉවත් කරන්න.

• ප්‍රාණ යාම වෑනි අභ්‍යාසයන් සහ බාවනා ක්‍රමවලට හුරුවන්න.

yoga thumb 1637665667545 1647929379524 1

3. ඒ වගේම ඉතාමත් අපූරු රුව ලස්සන කිරීමෙ ප්‍රතිකර්මයක් තිබෙ. ඉහත සඳහන් කළ විෂහරනය සිදුකර ශරීරය සූදානම් කර ගැනීමෙන් පසු උදෑසන වෝටර් තෙරපිය සිදු කරන්න.

එනම් හිස්බඩ මද ඈල් පිරිසිදු ජලය වැඩි වශයෙන් පානය කරන්න.

ඉන් පසුව විනාඩි තිහකට 30 කට පමණ පසුව නැවුම් එලකිරි වීදුරුවකට මීපැණි තේ හැන්දක් , කහ තේ හැදි කාලක් , සැෆ්‍රන් ස්වල්පයක් එකතු කර පානය කරන්න.

young girl blue blouse drinking glass water 114579 74182 1

4. අපිට සතියකට කිහිප වරක් විවේකයක් ඇති වෙලාවක ශරීරය සම්බාහනය කරගන්න. පිරිසිදු පොල්තෙල් තේ හැඳි පහක ප්‍රමාණයක් මදක් රත් කර , ස්වල්ප වශයෙන් අතේ අල්ලටගෙන පාද ,  දෑත් , යටිපතුල් , හිස , කන් පෙති , මුහුණ,ඇස් යට (සියුම්ලෙස) , ඇහිබැමි අතර , බෙල්ල ප්‍රදේශය ආදී සම්බාහනය කරන්න.

මේ ක්‍රම 4 පිළිවෙලින් අත්හදා බලන්න පුළුවන් නම් ඔබට ක්‍රම ක්‍රමයෙන් ඔබට මනස සහ ශරීරය ඉතාමත්ම සුවපත් සැහැල්ලු  ස්වභාවයකට පත් පත්වෙන ආකාරය වගේම රූපය ඉතාමත් ආකර්ෂණීය වන ස්වභාවය ඔබට ම අත් විඳින්නට හෑකිවේ….

මෙම තොරතුරු ලබාගන්නා ලද්දේ ප්‍රවීණ යෝග උපදේශක චාමින් වර්ණකුලගෙ youtube වීඩියෝවක් ඇසුරිනි.

photo 1544963151 fb47c1a06478 2
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top