මීට පස්සේ Facebook එකේ මඩ ගැහුවොත් නඩු තමා. මහින්ද නීතියේ සහය පතයි.

85021580 85021579

සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මඩ ප්‍රචාර එල්ල කරන්න අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.

මේ වන විටත් පොදුජන පෙරමුණු පක්ෂයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ එසේ මඩ ප්‍රචාර එල්ල කරන කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් පිළිබඳව නීති මගින් කටයුතු කිරීම සඳහා පක්ෂයේ නීතිඥ කණ්ඩායමට අදාළ විස්තර ලබාදීමට කටයුතු කරන බවයි පොදුජන පෙරමුණු මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ, විශේෂයෙන්ම, එළඹෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් පොදුජන පෙරමුණු පක්ෂය පිළිබඳව ජනතා අප්‍රසාදය ඉස්මතු කරලීම සඳහා මෙම පිරිස බළකායක් ලෙස එක්වී පක්ෂයට පහර දෙන බවයි.

250px Sri Lanka Podujana Peramuna logo

එමෙන්ම මෙම මඩ ප්‍රහාර එල්ල කරන පිරිස පසුගියදා පැවති අරගලයේදීද තම පක්ෂයටත්, නායකයන්ටත් විශාල වශයෙන් අගතියක් වන ලෙස අවලාද හා අපහාස සිදු කළ බවත් තම පක්ෂය ඔවුන්ව හඳුනාගෙන ඇති බවත් ඔහු ප්‍රකාශ කරනවා.  

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top