මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට මරණ 03 ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් නිවාස 1,300කට පමණ හානි සිදුවී ඇති අතර බලංගොඩ කුබුල්මුල්ල මොරහැල ප්‍රදේශයේ තම ගෙවත්තේ තේ දළු නෙලමින් සිටි 51හැවිරිදි කාන්තාවක් මතට ගිනිකූරු ගසක අත්තක් කඩාවැටීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කුණාටුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සිට ඊයේ (09) රාත්‍රියේදී ඉන්දියාවේ තමිල්නාඩු දෙසට ගමන් කරන බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මේ අතර කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40ත් 50ත් පමණ වන අතර විටින්විට එය පැයට කිලෝ මීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ”මැන්ඩවුස් ” සුළි කුණාටුව ඊයේ සවස 2.30 පමණ වන විට යාපනයේ සිට කිලෝමීටර් 250ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවතුන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළ අතර එම පද්ධතිය වයඹ දෙසට ගමන් කර ඊයේ රාත්‍රිය වනවිට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීර හරහා ගමන් කරමින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.
Share