මම පුංචි කාලේ ඉදන්ම ආස කලේ වෛද්‍යවරියක් වෙන්න, මම තාමත් එයට උත්සහ කරනවා-ප්‍රවීනා දිසානායක (PHOTOS)

praveena d

නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ ගීතිකාගේ චරිතය හරහා අපේ රටේ බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ශනයක් දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ප්‍රවීනා දිසානායක කියලා කියන්නේ. 

ඒ වගේම පහුගිය කාලයේ සියත නාලිකාවේ විකාශනය වුන රේස් ටෙලිනාට්‍ය හරහාද ඇය ප්‍රේක්ෂකයින් හමුවට ආවා. කොහොම නමුත් දැන් ඇය රංගන ශිල්පිනියකට අමතරව දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් මේ දවස් වල ඇය ජීවිතේ හොඳින් සැහැල්ලුවෙන් ගෙවනවා කියලයි කියන්නේ. 

ඒ වගේම ඇය මේ වෙද්දී පෞද්ගලික විශ්වවිද්‍යාලයක psychology degree එකක් කරනවා. ඉතින් ඇය පොඩි කාලේ ඉඳන් නර්තනය එක්ක හිටිය කෙනෙක් වුනත් ඇයගේ ආසාව තිබ්බේ වෛද්‍යවරියක් වෙන්න කියලයි ඇය කියන්නේ. 

ඉතින් අහම්බෙන් ලැබුණු ආරාධනාවක් එක්ක කලා ක්ෂේත්‍රයෙන් ඉස්සරහට යන්න පටන් ගත්තත් ඇයට වෛද්‍යවරියක් වෙන්න බැරි වුණත් ඇය මනෝවිද්‍යාව පැත්තෙන් ඇයගේ ඒ ආසාවත් ඉටු කරගන්න උත්සහ කරනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම විවාහය ගැන ඇය තවම ලොකුවට හිතලා නැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් අයට ගැළපෙනවා කියලා ඇයට දැනෙන කෙනෙක් හම්බෙනකම් ඉන්නවාලු. ඒ වගේම ඇය පවුලේ එකම ළමයා. ඒ නිසා ඇයට ගෙදරින් හැමදේටම ලොකු සහයෝගයක් ලැබෙනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය කොහේ ගියත් ඇයගේ අම්මා තාත්තා ඇය එක්කම ඉන්නවා. ඇය වැටෙන තැන්වලදී ඒ දෙන්නා තමයි ඇයට හැමදාම ශක්තියක් වෙමින් උදව් කරන්නේ. ඉතින් ඒ ලැබෙන සහයෝගය ගැන නම් කියන්න වචන නැහැ කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

258269867 553931809312609 936985672322140174 n
240207306 508779423827848 7849712264082758554 n
240448741 502857271086730 3314282276543828975 n
240395710 495427231829734 1290031923965530375 n
268340120 574648570574266 5082937510032264479 n
272809208 601081624597627 992659855375298779 n
273416837 608652963840493 1266154250992563464 n
274755092 624094912296298 6067929109621337632 n
294591323 729620098410445 3586293519803167066 n
297123339 740055467366908 930330025820353161 n
297813980 740055364033585 3585760424453551284 n

Visit Our Online Shop Website- WWW.CEYLEBRITY.COM

Ceylebrity English News And Blog Articles Website – Ceylebrity News

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top