මට එතකොට උඹේ අම්මට හු#න්න පුළුවන් – සනත් නිශාන්ත‍

download 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුප්‍රකට දේශපාලකයෙක් වන ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ නිතර ඉතා පහත් හැසිරීමක් දක්වන පුද්ගලයෙක්.

ඔහු සිය නිල ෆේස්බුක් පිටුව භාවිතා කරමින් විරුද්ධ මත දරන්නන් හට ඉතා අසභ්‍ය පරුෂ වචනයෙන් බැණ වදිමින් නූගත් ආකාරයෙන් හැසිරෙන ආකාරය මේ වන විට සුලබ තත්ත්වයක් වී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සනත් නිශාන්ත මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකට ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකු හට ප්‍රතිඋත්තර සපයමින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසා ඇත්තේ එම පුද්ගලයා ඊළඟ ආත්මයේ තමන්ගේ පුතෙකු වී ඉපදෙනු ඇතැයි තමන් ප්‍රාර්ථනා කරනු ඇති බවයි.

ඊට හේතුව ලෙස සනත් නිශාන්ත මහතා දක්වා ඇත්තේ එවිට එම පුද්ගලයාගේ මව සමඟ තමන්ට ලිංගිකව හැසිරිය හැකි බවයි.

මෙවැනි පහත් මානසිකත්වයක් තිබෙන පුද්ගලයෙකු හා එය ප්‍රසිද්ධ සමාජ මාධ්‍යයක පලකරන පුද්ගලයෙකු රනිල් වික්‍රමසිංහ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුද වනවා.

සනත් නිශාන්ත මහතා මැයි 09 ගෝල්ෆේස් ප්‍රහාරය සම්බන්ධයෙන් සෘජු චෝදනාලාභියෙක්ද වනවා.

02
01
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top