බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය ලීස් ට්‍රස් (Liz Truss) ඉල්ලා අස්වෙයි

Liz Truss

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කර ඈති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලීස් ට්‍රස් අගමෑති (Mary Elizabeth Truss) දුරයට පත් කෙරුනේ දෙවන එලිසබෙත් රෑජින විසිනි. ඒ ඈගේ අභාවයට දින කිහිපයට පෙරයි. බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ ඉල්ලා අස්වීමට මූලික වශයෙන් හේතු වී ඈත්තේ ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන ආපසු හැරවීමට සිදුවීමය. ඇගේ බදු කපා හැරීමේ වැඩසටහන නිසා බ්‍රිතාන්‍ය මූල්‍ය වෙළෙඳපොළ කම්පනයට ලක්වූ අතර පාලක conservative පක්ෂය තුළද ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවීමට හේතුවුණි. 

නව අගමෑතිනියගේ දූර කාලය තවම දින 45ක් පමනි. එය සෑලකෙන්නේ එක්සත් රාජධානියේ අගමෑතිවරයෙකුගේ කෙටිම ධූර කාලය ලෙසයි. Downing වීදියේ සිය නිල නිවහන ඉදිරිපිට ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරමින් අගමැති ලිස් ට්‍රස් සඳහන් කළේ පක්ෂ නායකත්වයට පත්වන විට තමා වූ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූ බවත් පක්ෂය තුළ තමා පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති බවත්ය. කෙසේ නමුත් නව පක්ෂ නායකයෙකු තෝරා ගන්නා තුරු තමා ධුරයේ රැඳී සිටින බව ද අගමැතිනි ලිස් ට්‍රස් (Liz Truss) සඳහන් කළේය.

2022 10 05t103732z 1 lynxmpei940jp rtroptp 3 britain politics conservatives 1
liz truss 1654857
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top