“පිංතූර දෙකේම ඉන්නේ මම”..ලංකාවෙ මේ දිනවල බුකිය උණුසුම් කළ ඇඳුම්..(PHOTOS)

dgfh

මේ දින වල පාසල් ගුරුවරුන්ගේ සාරිය සහ සංස්කෘතිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල බොහෝසෙයින් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.

මේ සම්බන්ධව මෙරට ජනප්‍රිය නිරූපිකාවක් වන ත්‍රිකලා ධරණී විසින් සිය මුහුණු පොතේ තමන්ගේ ඡායාරූප දෙකක් පළ කරමින් සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්, මේ දවස්වල පාසල් ගුරුවරුන්, සාරිය සහ සංස්කෘතිය ගැන කතාවෙන් බොහෝ දේවල් දුටුවෙමි ‼️

ලංකාවේ සංස්කෘතිය = ඇදුම 👗🙄 කොච්චර නෑ කීවත් මේක තමා බහුතරයක් දෙනා කෙනෙක්ව නිගමනය කරන ප්‍රධානතම සාධකය 👇👇

සාරිය ඔසරිය ඇන්දම ඔයා ලෝකෙ ඉන්න ගුණවත්ම කාන්තාව.

👰 කොටට ඇගට ගානට ෆැශන් එකක් කලාම ඔයා තමයි ලෝකෙ ඉන්න නරකම ගැහැණිය🤷 ⚠️️

ගූගල් එකේ S*X වචනය වැඩියෙන්ම search කරන රටවල් වලින් අපේ රට උඩින්ම තියනවලු ‼️ ⚠️️

උප්පැන්න සහතිකයට පියාගෙ නම දාගන්න බැරිව ඈත ගම්මාන වල වසරකට දරු උපත් සෑහෙන ගානක් සිදු වෙනවලු .‼️

හැබැයි ගැහැනු දිගට ඇදල යන්න ඕනා. එහෙම ගියාම සංස්කෘතිකයිලූ..🤷 ⛔

රෙදි කෑල්ලක් කොහොමද මනුස්සයෙක්ගෙ ආධ්‍යාත්මය මනින මිනුම් දණ්ඩක් වෙන්නේ?? එහෙමනම් ,,, ⚠️️

ඔෆිස් ඉවර වෙලා සාරියක් ඔසරියක් ඇදන් බස් එකට නගින ගැහැණියට ගෙදරට යනකන් හෝල්ට් තුන හතරක් පරිස්සමට යන්න බැරි තත්වයක් උදා වෙනවද ❓❓ 😣

ඒ ඇදුම සංස්කෘතියට පටහැනිද ?🤷 ✅

හික්මීම කියනදේ තියෙන්නේ ඕනා රෙදි කෑල්ලක නෙවෙයි, හිතේ 🙏 🌸 ✅

හිත් නොහික්මුන සමාජයක මොන ඇදුම ඇන්දත් කිසිම වෙනසක් වෙන්නේ නෑ ‼️ 🧘

මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නේ ඕනාම දෙයක කුතුහලය වැඩි වන තරමට ඒ දේට ඇතිවන නැඹුරුව වැඩි වන්නටයි.🧘

ලංකාවේ අපි මේක මැජික් එකක් ලෙස දකින තාක් මේ ඉරණමෙන් ගොඩ එන්නට අපහසුයි. පහත පිංතූර දෙකේම ඉන්නේ මම 🥰

ඔසරිය ඇන්දම හොද යහපත් කෙනෙක්, නාන ඇදුම ඇන්දම නරක අසීලාචාර එකෙක් , එහෙම වෙන්න පුලුවන් ද ❓❓

මම , මොන ඇදුම ඇන්දත් මමම වෙමි 💗 😷

සංස්කෘතිය = ඇදුම නම්, මම ඒ සංස්කෘතියට පටහැනි කෙනෙක්මි! ~

Thrikala Dharani ~

22 637dbe5ae9de8
316670380 1137066470272390 1260106400171993953 n
316418438 1137066583605712 171778980179414409 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top