පැසිපන්දු ක්‍රීඩිකාව අමෙරිකාවට ගන්න අවි ජාවාරම්කරු රුසියාවට දෙයි.(video)

MTg5ODk5NTE5ODU1NDM2ODkz

අවුරුදු 12 කට වැඩි කාලයක් ඇමෙරිකාවේ සිරදඬුවම් විඳිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් රුසියාවට ආපසු දී, රුසියන් අත්අඩංගුවේ පසුවුණු අමෙරිකා පැසිපන්දු ක්‍රීඩිකා බ්‍රිට්නි ග්‍රයිනර් මුදා ගැනීමට අමෙරිකා රජය සමත් විය.

පෙබරවාරි පෞද්ගලික සංචාරයක් සඳහා ග්‍රයිනර් රුසියාවට ගිය අවස්ථාවේදී ‘කංසා තෙල්’ ළඟ තබා ගැනීමේ වරදට රුසියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

අමෙරිකාවේ ‘කංසා තෙල්’ නීතිගත වුවත්, රුසියාවේ තහනම්ය. ඒ අනුව ග්‍රයිනර්ට රුසියන් අධිකරණයක් සිරදඬුවම් නියම කළේය.

30 දෙහැවිරිදි බ්‍රිට්නි ග්‍රයිනර්, ඇමෙරිකාවේ ජාතික පැසි පන්දු කණ්ඩායම නියෝජනය කරන දක්ෂ ක්‍රීඩිකාවකි. ඇය ඔලිම්පික් ශූරියක්ද වේ.

බයිඩන් පරිපාලනය මැදිහත් වී, රුසියාව සමඟ සාකච්ඡා කර, පැසිපන්දු ක්‍රීඩිකා ග්‍රයිනර් වෙනුවෙන් අමෙරිකානු බන්ධනාගාරයක වසර 12ක සිරදඬුවම් විදිමින් සිටි රුසියන් අවි ජාවාරම්කරු වික්ටෝර් බවුට් ඉල්ලා ඇත.

ඒ අනුව දෙරට අතර සිරකරුවන් හුවමාරුව සිදුවූය් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අබුඩාබි නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදීය.

එම හුවමාරුව සිදුවු අවස්ථාවේ දර්ශන පහතින්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top