පාස්පෝට් ගන්න ඉන්න අයට විශේෂ දැනුම්දීමක්

image bbd2054619

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක (තොරතුරු තාක්ෂණ) ආර්.ජී.සී.පී.බී.ඩී. රාමවික්‍රම මහතා පවසන්නේ,2023 සිට විදේශ ගමන් බලපත්‍රය මාර්ගගත ක්‍රමයට ලබා දීමට කටයුතු කරන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති විදේශ ගමන් බලපත්‍ර, වීසා හා අනෙකුත් ගාස්තු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළා. 

 මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ, 2023 මුල් කාර්තුවේ සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර ලබා ගැනීමට කටයුතු කරන බවයි.

ඇඟිලි සලකුණ ලබා ගැනීමට ප්‍රාදේශීය කාර්යාල 50ක් ස්ථාපිත කිරීමට ද කටයුතු කරන බවද ඒ මහතා පෙන්වා දුන්නා. මෙමගින් ආගමන විගමන ප්‍රධාන කාර්යාලවල පවතින තදබදය අවම කර ගැනීම අපේක්ෂා කරන බවද සඳහන්.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top