දෙවෙනි ඉනිම තව මාසෙකින් ඉවර වෙනවා, මට ඒ ගැන පුදුම දුකක් තියෙන්නේ-නෙත්මි රොෂෙල් (PHOTOS)

ghgj

දෙරණ නාලිකාව ඔස්සේ වසර ගණනාවක් තිස්සේ එක දිගට විකාශය වන දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ ආක්ෂාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දඟකාර, කටකාර, හැඩකාර තරුණිය තමයි නෙත්මි රොෂෙල් කියලා කියන්නේ. ඉතින් 2019 ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස කිරුළු පැළඳීම තමයි ඇයගේ කලා ජීවිතය ආරම්භ වෙන්නේ.  

ඊට පස්සේ සක්කාරම්, හිරු ඇවිදින්, රාවණා වගේ ටෙලි නාට්‍යවලටත් ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒත් එක්කම මේ වෙද්දි ඇය රංගන කටයුතුවල වගේම නිවේදන කටයුතුවලත් සම්බන්ධ වෙලා ඉන්නවා.  

ඉතින් රංගන ශිල්පිනියක් ලෙස කලා ගමන ආරම්භ කල රොෂෙල් පසුව නර්තනය, නිවේදනය, නිරූපණය කලාව සමග අපූරුවට මුසු කළ ඇය දැන් දෙරණ ලිට්ල් ටයිටෑන් වැඩසටහන ඉදිරිපත් කිරමින් නිවේදන ශිල්පිනියක් විදිහටත් ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම මේ දවස්වල රොෂෙල්ගේ කුලුඳුල් සිනමා රංගනය ඇතුලත් ‘ආදරණීය ප්‍රාර්ථනා’ චිත්‍රපටය තිරගත වෙමින් පවතිනවා.  

ඉතින් ආදරණීය ප්‍රාර්ථනාහි පාරමී චරිතය නිසාම දැන් දැන් ඇතැම් ප්‍රේක්ෂකයින් රොෂෙල්ට පාරමී කියලා කතා කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම දෙවෙනි ඉනිම කියලා කියන්නේ ඇයගේ රංගන ජීවිතයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක්. ඉතින් අනුහස් ආක්ෂා ආදර කතාවට වගේම ආක්ෂාගේ ආදරයට, නපුරුකමට, කතාවට, පුංචි පුංචි හිතුවක්කාරකම්වලට බොහෝ ප්‍රේක්ෂකයන් ආදරය කරනවා.  

කොහොම නමුත් තව මාසෙකින් දෙකකින් විතර දෙවෙනි ඉනිම අවසන් වෙනවා කියලයි රොෂෙල් කියන්නේ. ඉතින් කතාවට වගේම ඇයගේ චරිතයටත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරේ ඇයට වචනවලින් කියන්න බැරි තරම් වටිනවා කියලත් ඇය කියනවා. 

  කොහොම නමුත් දෙවෙනි ඉනිම කතාව ඉවර වෙන එක ගැන වගේම ආක්ෂාගේ චරිතයට සමු දෙන්න වෙන එක ගැන ඇයට හිතේ ලොකු දුකකුත් තියෙනවා කියලයි ඇය කියන්නේ. මොකද ප්‍රේක්ෂකයන් වගේම දෙවෙනි ඉනිමේ අයත් ඒ කතාවට ආදරෙ කරන නිසා. ඉතින් මෙතරම් කාලයක් දෙවෙනි ඉනිම එක්ක වගේම ආක්ෂා එක්ක හිටපු හැමෝටම තවත් ටික කාලයක් අපිත් එක්කම කතාවේ අවසානය දක්වාම රැඳිලා ඉන්න කියලයි ඇය කියන්නේ.  

ඒ වගේම රොෂෙල් කියන විදියට ඇය තවමත් ආදරවන්තියක් නම් නෙවෙයි. ඇය මේ වන විටත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් ඉන්න නිසා මේ දවස්වල අධ්‍යාපන කටයුතු සහ කලා කටයුතු සමබරව කර ගන්න මූලිකත්වය දීලා ඉන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

303506480 533289135265653 5081426785387540684 n
306268185 542578804336686 2034272704198842771 n
309390575 560452919215941 7617831016426394602 n
312490377 566516381942928 1259935374021710777 n
321553557 1105479866791403 1492907969041763057 n
315407108 583295586931674 6624900990609293749 n
Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top