දහස් සංඛ්‍යාත ජනතාවක් ඉදිරියේ, කාන්තාවක් ඇතුළු පිරිසටකට කස ප්‍රහාර..

6000

ඇෆ්ගනිස්ථානයේ පාපන්දු ක්‍රීඩාංගනයක දී දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට කස පහර ලබා දීමට තාලිබාන් පාලන අධිකාරිය විසින් කටයුතු කර තිබෙන බවට පුවතක් බී.බී.සී පුවත් සේවය වාර්තා කරනවා.

එම පුවත් සේවයට තාලිබාන් ප්‍රකාශකයෙක් පවසා ඇත්තේ, කස ප්‍රහාරයට මෙලෙස ගොදුරුව ඇත්තේ අනාචාරය, මංකොල්ලකෑම් සහ සමලිංගික සේවනය ඇතුළු “සදාචාරාත්මක අපරාධ” සඳහා වැරදිකරුවන් වූ පිරිසක් බවයි. 

 එම මාධ්‍ය වාර්තාවන්ට අනුව ගත වූ මාසයක කාලය තුළ මෙම ස්ලාමීය පාලනය විසින් මෙලෙස පුද්ගලයන් කස පහරට ලක් කර තිබෙනවා. කෙසේ නමුත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටින්නේ, අනූව දශකයට පෙර තාලිබාන් පාලනය විසින් යොදා ගත් මෙම දැඩි දඬුවම් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක වීම තාලිබාන් පාලන තන්ත්‍රය නැවත වතාවක් පෙර සිටි තත්ත්වයකට පැමිණීම පිළිබඳ යම් සංඥාවක් නිකුත් කරන බවයි.

අදාල අවස්ථාවේ දී කස පහර කෑමට ලක් වූ පිරිස අතරතුර සිටි කාන්තාවන් සඳහා කස පහරවල් 21ක් ද පිරිමින් සඳහා කස පහරවල් 39ක් ද එල්ල කළ බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් කරන්නේ.

බී.බී.සී පුවත් සේවය සඳහා නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ ලෝගාර් ප්‍රදේශයේ තලේබාන් ප්‍රකාශක ඔමාර් මන්සූර් මුජාහිඩ් පවසා ඇත්තේ කස පහරවලට ලක් වූ කාන්තාවන් තිදෙනා ම දඬුවම ලැබීමෙන් අනතුරුව නිදහස් කළ බවත්, පහර කෑ පිරිමින්ගෙන් පිරිසක් නැවත සිරගත කළ බවයි. මේ අතර උතුරු ඇෆ්ගනිස්ථානයේ තකාර් ප්‍රාන්තයේ ද පුද්ගලයන් 19 දෙනෙකුට පසුගිය සතියේ මෙවැනි ම කස පහරක් එල්ල කළ බවට එම මාධ්‍ය වාර්තාවල සඳහන් කරනවා.

ලෝගාර් පළාතේ කස පහරවල් එල්ල වී ඇත්තේ තලේබාන් සංවිධානයේ උත්තරීතර නායක හිබතුල්ලා අකුන්සාදා විසින් ඉස්ලාමීය ෂරියා නීතිය පිළිබඳ කණ්ඩායම දැඩි ලෙස කියවීමට අනුකූලව ඇතැම් අපරාධ සඳහා දඬුවම් ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරුන්ට නියෝග කිරීමෙන් සතියකට පසුවයි.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top