දමිතා අබේරත්න දේශපාලනයට පෑමිනෙයි ? Damitha Abeyrathne enters politics ?

Damita Abeyratne enters politics

තමන් දේශපාලනයට පිවිසෙනවාද නැද්ද යන්න පිළිබඳව හෙට (23SEP) දවසේ තීරණය කරන බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

“දේශපාලනයට එන්න කවදාවත් සිතුවිල්ලක් තිබුණේ නෑ. මට වෙච්ච අසාධාරණය. මේ රට ස්වාධීන මනුස්සයෙක් විදියට නැගිටින්න නැගිටින්න ගහන රටක්. සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න බැරි සත්‍ය කතා කරන තැන්වලදී අපිට ඔලුවට ගහලා පාගලා කුඩුපට්ටම් කරන්න, වට්ටන්න හදන රටක්, එතකොට පාට පක්ෂ එක්ක හිටගත්ත බොහෝ දෙනෙක්ව රැකෙනවා. මම කියන්නේ නෑ ඒක හරියි කියලා, හැබැයි හෙට දවසේ දේශපාලනයට එනවද නැද්ද කියලා මටත් තීන්දුවක් වෙනවා මේ යන විදියට, ඒ තීන්දුව ගන්න වුණොත් මම හිටගන්නේ හරිම සාධාරණම තැනක. සමහරවිට මම තවම තීන්දුවක් අරගෙන නෑ. ඉක්මනින්ම මම තීන්දුවක් ගනීවී, මේ යන විදියට.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එතුමිය මේ බව පැවසීය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top