ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්

ත්‍රිවිධ හමුදාවෙන් නීත්‍යානුකූල නොවන ලෙස ඉවත්ව සිටින අයට නිවේදනයක්. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙටින් ආරම්භ  වේ.

ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකළ පුද්ගලයින් සඳහා එම පොදු සමා කාලය ලබාදී තිබේ.

ඔවුන්ගෙන් යම් මුදලක් අයවිමට ඇත්නම් නිත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවිය යුතු බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

නිත්‍යානුකුලව යුද හමුදා රාජකාරිවලින් ඉවත් නොවී විශාල පිරිසක් මේ වන විට සමාජය තුළ රැඳී සිටින බව වාර්තා වේ.

ඔවුන්ගෙන් ඇතැම් පුද්ගලයින් විවිධ විෂමාචාර ක්‍රියාවලය ද පෙළඹී ඇති බව සඳහන්ය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top