ජමාල් කෂෝගි ඝාතන නඩුවෙන් සල්මාන් කුමරු නිදහස්

මොහමඩ් සල්මාන්

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන නඩුවකින්, එහි ප්‍රධාන චූදිතයෙකුව සිටි සෞදියේ කිරුළ හිමි මොහමඩ් සල්මාන් කුමරු නිදහස් කිරීමට අමෙරිකානු අධිකරණය තීරණය කර තිබේ.

සෞදියේ අගමැතිවරයා ලෙස සල්මාන් කුමරුට පැවරී ඇති නව තනතුර සලකා ඔහු මෙසේ නඩුවෙන් නිදහස් කළ බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ එවන් නඩුවකින් විනිර්මුක්තිය ලැබීමේ අවස්ථාව රාජ්‍ය නායකයෙකුට ඇති බවද අදාළ වාර්තාවෙන් පෙන්වා දී තිබුණි.

සල්මාන් කුමරුගේ නියමය පරිදි කෂෝගිගේ ඝාතනය සිදුව ඇතැයි මීට පෙර අමෙරිකානු බුද්ධි අංශ කරුණු වාර්තා කළේය.

ඝාතනය පිළිබඳ ඔහුට හා පාර්ශ්ව කිහිපයකට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ කෂෝගිගේ පෙම්වතිය විසිනි.

මේ සම්බන්ධ ට්විටර් සටහනක් තබමින් කෂෝගිගේ පෙම්වතිය වන හටීජේ සෙන්ජර්ස් සඳහන් කර තිබුණේ අද කෂෝගි නැවත වරක් මියගිය බවය.

Share
0Shares

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top